විමුක්ති දේශපාලනයට.. 05 වැනිදා සමුළුවක්.. චන්ද‍්‍රිකාගෙන් වටේටම ඇමතුම්…

Spread the love

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට ගෙන ඒමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ශ්‍රී ලංකා පක්ෂය යටතේ ය.

හිටපු ජනාධිපතිනිය ද ආසන්න දිනවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මැති ඇමතිවරුන් සමග සාකච්ඡා කර ඇත්තේ නව පක්ෂයට සම්බන්ධ ලෙස ඉල්ලීම් කරමිනි.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් පැරැණි සාමාජිකයන්ට දුරකථන පණිවිඩ ලබා දෙමින් ඇය ඉල්ලා ඇත්තේ තමන් සමඟ මේ ගැන සාකච්ඡාව කිරීමට පැමිණෙන ලෙසයි.

කුමාර වෙල්ගම මහතා ද සඳහන් කළේ විමුක්ති කුමාරතුංග මහතාට නව පක්ෂය සමඟ සම්බන්ධ වන්නැයි දැනටමත් ආරාධනා කර ඇති බවය.

එළඹෙන සැප්තැම්බර් 05 වැනිදා නව පක්ෂයේ මූලස්ථානය බත්තරමුල්ලේ දී පිහිටුවන බවත් ඉන් අනතුරුව රට පුරා සංවිධායකවරුන් පත් කිරීම හා පක්ෂ සංවිධාන ද පිහිටුවන බවත් ඔහු සඳහන් කළේය.

පක්ෂය පිහිටුවීම සඳහා හිටපු ජනාධිපතිනිය ආශිර්වාදය ලබා දීමට ද පොරොන්දු වී ඇති බවද ඒ මහතා තවදුරටත් පැවසීය.

RSL

Related Posts