විමල්ගේ ආර්ථික ඝාතකයා ජනපති ගෝඨාභයගේ ජනාධිපති ලේකම්වරයා වෙයි (වීඩියෝ)

Spread the love

පැවති මහින්ද රාජපක්ෂ රෙජීම පාලන කාලය තුලදී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වූ “පී.බී.ජයසුන්දර ආර්ථික ඝාතකයෙක් පමණක් නොව රට ගිනි තියන්නෙක්” යැ’යි වේදිකා ගානේ වසර කිහිපයක් අඛණ්ඩව විමල් වීරවංශ විසින් චෝදනා කරමින් වේදිකා ගානේ කෑ ගැසීය.

එසේ විමල් වීරවංශ විසින් ආර්ථික ඝාතකයා යැ’යි චෝදනා කළ පී.බී.ජයසුන්දර මහතාව අද (19) ජනාධිපති ලේකම්වරයා ලෙස පත්කරනු ලැබූයේ විමල් වීරවංශ රට වටේ කඩේ ගොස් පත්කරගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්ම වීම සුවිශේෂීය.

ඊයේ දිව්රුම් දුන් ජනාධිපති ගෝඨාභය ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද ( 19) සිය ධුරයේ වැඩ කටයුතු ආරම්භ කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේහි සභාපති මහාචාර්ය ජී එල් පීරීස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ

ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය පී.බී.ජයසුන්දර පත් කර ඇති අතර භාණ්ඩාගාරයේ ලේකම් ලෙස ආචාර්ය එස්.ආර්. ආටිගල ද පත් කර තිබේ.

RSL

Related Posts