විභාග ප්‍රශ්න පත්‍රය ළමයෙකුට තියා මහාචාර්යවරයකුට වත් ලියන්න බැහැ

Spread the love

මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග සහ සහතික පත් ප්‍රදානෝත්සවය වෙනුවෙන් පැවති උත්සවය අමතමින් විභාග කොමසාරිස් ‍ජනරාල් අනුර එදිරිසිංහ මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ ඇත්තේ ලෝකයේ නින්දා සහගතම විභාග ක්‍රමය බවයි.

“මම බැලුවම මට හිතෙනවා මං බාල අපරාධකාරයෙක් ද කියලා මොකද මෙහෙම හිතෙන්නේ, මේ මම හදන ප්‍රශ්න පත්‍රය ළමයෙකුට තියා ප්‍රශ්න පත්‍ර හදන මහාචාර්යවරයකුට වත් ලියන්න බැහැ. අප්‍රිකාවේ ගෝත්‍රික සමාජ කිහිපයක හැරුනම මේ වගේ බරපතල නින්දා සහගත ගතානුගතික විභාග ක්‍රමයක් නෑ. විභාග කියන උපකරණය මේ දරුවන්ගේ විවිධ හැකියා මනින්න පාවිච්චි කරන මේ උපකරණය මොට්ටම. මොට්ටයි. කිසිකෙනෙකුට මේක මුවහත් කරන්න බැහැ. ඒ නිසා මෙයින් ප්‍රයෝජනයක් නැහැ. ඒක ප්‍රයෝජනවත් උපකරණයක් බවට පත් කරන්න නම් මේ සමස්ත විභාග ක්‍රමවේදය වෙනස් කරන්න අවශ්‍ය වෙනවා”, යයිද විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Loading...

RSL

Related Posts