විභාග දෙපාර්තමේන්තුවට අදට (01 ඔක්.) වසර හැටක් සපිරේ. ඒ නිමිත්තෙන් සංවිධානය කෙරෙන වජ්‍ර ජයන්ති උත්සවය හා සමරු වැඩසටහන අද, අගමැති දි. මු. ජයරත්න හා අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්වේ.
එහිදී ස්‌ථාපිත කර ඇති නව පරිගණක පද්ධතියද විවෘත කිරීමට නියමිතය. අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලෝක බැංකුව එක්‌ව මෙම පරිගණක පද්ධතිය ස්‌ථාපිත කර ඇත.
අද පැවැත්වෙන වජ්‍ර ජයන්ති උත්සවයට ජීවන් කුමාරතුංග, සුසිල් ප්‍රේමජයන්ත, මෛත්‍රිපාල සිරිසේන, ඩලස් අලහප්පෙරුම, ඇස්. බී. දිසානායක යන අමාත්‍යවරුන් සහ සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එච්. එම්. ගුණසේකර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වෙති.
Loading...