විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට සභාවෙන් පිටතට යන ලෙස කතානායක දැනුම්දෙයි

Spread the love

පාර්ලිමේන්තුවේ විවාදයක් අතරතුර ඇතිවූ උණුසුම් තත්ත්වයක් මත කතානායකවරයා විසින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි හට සභාවෙන් පිටතට යන ලෙස දැනුම්දීමට කටයුතු කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා අයවැය තෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් සභාවේ කථාකරමින් සිටිය දී එම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා විසින් නිමල් ලාන්සාට පහරදීමට උත්සාහ කිරීම හේතුවෙන් කතානායකවරයා විසින් සභා ගර්භයෙන් පිටව යන ලෙස දැනුම් දුන්නා.

 

 

Related Posts