විපක්ෂනායක ධුරය සජිත්ට අරන් දෙන්න අපේ කිසිඳු සහයක් නැහැ

Spread the love

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට හිමිවිය යුතු බවට තමා කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බවත් එය මුළුමනින්ම එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ ගත යුතු තීරණයක් බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි.

ත්‍රිකුණාමලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු සම්බන්ධන් මහතා මෙසේ පැවසීය.

“අපි තවදුරටත් විපක්ෂයේ රැඳී සිටිනවා.රජයේ තීරණවලට විරුද්ධ විය යුතු සෑම අවස්ථාවකම අපි විරුද්ධ වෙනවා. නමුත් එයින් කියවෙන්නේ නැහැ අපි සෑම විටම රජයට විරුද්ධ වෙයි කියලා.රජයට සහය දිය යුතු අවස්ථාවක් නම් රටට වාසිදායක තීරණවලදී ,ජනතාවට වාසිදායක අවස්ථාවලදී අපි සහය දෙන්න පැකිලෙන්නේ නැහැ.

පාර්ලිමේන්තුවේ කථානායක ධුරය ගැන යම් මතයන් පවතින බවට පෙනෙන්න තිබෙනවා. අපට මේ අවස්ථාවේදී කථානායකයෙක් ඉන්නවා. ඡන්දය දෙන්න අවස්ථාවක් එනවනම් අපි ඒ අවස්ථාවට ගැළපෙන හොඳම තීරණය ගන්නවා.

ප්‍රචාරයක් යනවා මම සඳහන් කළා කියලා විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට හිමිවිය යුතු බවට, මම එවැනි මතයක් පළ කරලා නැහැ. එය මුළුමනින්ම එක්සත් ජාතික පක්ෂය ගතයුතු තීරණයක්. අභ්‍යන්තරිකව සාකච්ඡා කරලා තීරණය කළ යුතු දෙයක්.

ඉදිරියේදී මේ ගැන මතයක් ප්‍රකාශ කරන්න අවශ්‍යතාවයක් ආවොත් අපි ඒ අවස්ථාවේදී මතයක් කියන්න පැකිළෙන්නේ නැහැ.“

RSL

Related Posts