විනය ගරුකව ති‍බ්බ පොලිසියයි හමුදාවයි දැන් පාතාලෙ කොන්ත්‍රාත් ගන්නවා – ජෙනරාල් ෆොන්සේකා

Spread the love

හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා ඊයේ (01 නොවැ.) කොළඹ පෞද්ගලික රෝහලකට ගෙන ආවේය.

අනෝමා ෆොන්සේකා ප්‍රකාශ කළේ පසුගිය දිනෙක සරත් ‍‍ෆොන්සේකාගේ උදර ප්‍රදේශයේ කළ ස්කෑන් පරීක්ෂනයේ වාර්තාව ද විශේෂඥ වෛද්‍යවරයෙකුට‍ ඉදිරිපත් කළ බවය.

රෝහලට පැමිණි අවස්ථාවේදි සරත් ‍‍ෆොන්සේකා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය.

“අපි ඉන්න කාලේ විනය ගරුකව ති‍බ්බ පොලිසියයි හමුදාවයි දැන් කොන්ත්‍රාත් ගන්නවා පාතාලේ, යුද්දේ මෙහෙව්වා සැලසුම් කළා හමුදාපති යුද්දෙ කළේ නෑ කියපු අය දැන් පාතාලේ කුඩු බෙදන එකවත් පාලනය කරන්න බෑ, ඝාතනය පාලනය කරගන්න බෑ. ඒ ගොල්ලන්ට පුළුවන් පෙට්ටි කඩ කඩන්නයි කාණු සුද්ද කරන්නයි විතරයි. ජයවේවා”

RSL

Related Posts