ඉන්දියාව සහ අයර්ලන්තය 9 වැනි විදේශ කාර්යාල උපදේශන වටය සිකුරාදා නවදිල්ලියේ පැවැත්විණ.මෙම උපදේශනවලදී ද්විපාර්ශ්වික මට්ටමින් මෙන්ම කලාපීය වශයෙන් ජාත්‍යන්තර සංවිධානවල සමීප සහයෝගීතාව පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා කළහ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසූයේ මෙම සාකච්ඡා වලදී සිවිල් ගුවන් සේවා අංශයේ සහයෝගීතාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඖෂධ සහ සෞඛ්‍ය සේවා, කෘෂි තාක්ෂණ, විද්‍යාව හා තාක්ෂණය, පුනර්ජනනීය බලශක්ති සහ පිරිසිදු තාක්ෂණය, අධ්‍යාපනය සහ නිපුණතා සංවර්ධනය,කොන්සියුලර් ගැටළු, සංචාරක සහ සම්බන්ධතා; සංස්කෘතික සහයෝගීතාවය සහ අන්තර් පුද්ගල සබඳතා පිළිබඳව සාකච්ඡා කළ බවයි.

යුරෝපා සංගමය, ඉන්දු පැසිෆික් කලාපය, එක්සත් ජාතීන්ගේ සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවල සහයෝගිතාව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ප්‍රතිසංස්කරණ සහ ත්‍රස්තවාදය ඇතුළු ගෝලීය සහ කලාපීය ගැටළු පිළිබඳව ද දෙපාර්ශවයේ නියෝජිතයින් අදහස් හුවමාරු කර ගත්හ.

මීට අමතරව, මියන්මාරය, යුක්රේනය, ඇෆ්ගනිස්ථානය සහ උතුරු කොරියාව වැනි කලාපීය ආරක්ෂක ගැටළු පිළිබඳව ද දෙපාර්ශවය සාකච්ඡා කළහ.

දෙපාර්ශ්වයම ආර්ථික ප්‍රගතිය සහ ජාතික සංවර්ධනය සඳහා වූ සබඳතාව පිළිබඳ ඔවුන්ගේ කැපවීම යළිත් තහවුරු කළහ.

ඉන්දීය නියෝජිත කණ්ඩායමේ ප්‍රධානත්වය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බටහිර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු භාර ලේකම් සංජය වර්මා විසින් ය.

අයර්ලන්ත නියෝජිත පිරිසේ ප්‍රධානත්වය දරනු ලැබුවේ නියෝජ්‍ය මහලේකම් (ගෝලීය ගැටළු) සහ අයර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ දේශපාලන අධ්‍යක්ෂ සොන්ජා හයිලන්ඩ් විසින් ය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ මීළඟ උපදේශන සාකච්ඡා වටය ඩබ්ලින්හිදී පැවැත්වීමට දෙපාර්ශ්වය එකඟ වූ බවයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්