විද්‍යා ගණිත උපාධිධාරීන් 462ක් කළ ‘බලු වැඩක්‘ ගැන අධ්‍යපන ඇමති හෙළි කරයි

Spread the love

උපාධිධාරී ගුරු පත්වීම් ලබාදුන් ගුරුවරුන් 462 දෙනෙකු දින 14ක් ගතවී ඇතත් පත්වීම් භාරගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ගණිතය, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව සහ තාක්ෂණ උපාධිධාරීන් සඳහා සති දෙකකට පෙර නව පත්වීම් 1700ක් ලබාදුන් බවත් ඉන් 462 දෙනකු පත්වීම් ලබාගෙන නොමැති බවත් ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.

වවුනියාව, උහන සහ බදුල්ල දිස්ත්‍රික්කවල වැනි පිට පළාත්වල පාසල්වලට ලබා දුන් රැකියා ප්‍රතික්ෂේප කරමින් ඔවුන් සිය පත්වීම් ලබාගෙන නොමැති බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

දීප ව්‍යාප්තව අයදුම්පත් කැඳවීමෙන් පසුව මෙම පත්වීම් ලබාදී ඇති බවත් පිට පළාත්වල පාසල්වලට ලබා දුන් පත්වීම් ප්‍රතික්ෂේප කිරීම නිසා එම පාසල් හරහා ගණිතය හා විද්‍යා උපාධිධාරීන් බිහි නොවීමේ ප්‍රශ්න මතුව ඇති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පත්වීම් ලබා නොගත් මෙම 462 වෙනුවට ලකුණු ලැයිස්තුවේ ඊළඟට සිටින අයදුම්කරුවන්ගේ ලැයිස්තුව ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

Related Posts