වාහන මංකොල්ලකෑම් සහ සොරකම් කිරීම් ඉහළ ගිහින්

Spread the love

රට පුරා වාහන මංකොල්ලකෑම් සහ සොරකම් කිරීම් සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

2021 වසරේදී වාහන 1405 ක් සොරකම් කර ඇති බවත් එසේම 2022 වසරේ සැප්තැම්බර් 30 වනදා දක්වා වාහන 1406 ක් සොරකම් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව බස් රථ 12 ක්, වෑන් රථ 25 ක්, ලොරි රථ 16 ක්, කාර් රථ 14 ක්, ත්‍රීරෝද රථ 311 ක්, යතුරු පැදි 1116 ක් හා වෙනත් වාහන 12 සොරකම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉහත වාහන අතරින් බොහෝමයක් අනාරක්ෂිතව නතර කර තැබීමෙන් පසු සොරකම් කරන ලද ඒවා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts