වසර 10කට පසු ‘රතු දත්ත පොත‘ එළිදකී

Spread the love

ශ්‍රී ලංකාවේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව හා වෘක්ෂලතා පිළිබඳ රතු දත්ත පොත (Red Data Book) නව යාවත්කාලීන කිරීම් වසර 10කට පසු අවසන් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

පරිසර අමාත්‍යාංශය පැවසුවේ රතු දත්ත පොතක් ශ්‍රී ලංකාවේ අවසන් වරට ප්‍රකාශයට පත් කළේ 2012 දී බවයි.

‘පිළිගත් ක්‍රමය අනුව එය සෑම වසර පහකට වරක් එය සංස්කරණය කර යාවත්කාලීන කළ යුතුයි‘ පරිසර අමාත්‍යාංශය පැවසීය.

වසරකට පෙර මහින්ද අමරවීර මහතා පරිසර අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගත් විට රතු දත්ත පොත හැකි ඉක්මනින් යාවත්කාලීන කරන ලෙස අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ඒකකය රතු දත්ත පොත සම්පුර්ණ කර ඇත.

සාමාන්‍ය රතු දත්ත පොත් වර්ගීකරණයට කොටස් නවයක් ඇතුළත් වේ. වඳ වී යාම,Extinct (EX), වඳ වී යාම – වනයේ වඳ වී යාම,extinct – Extinct in the Wild (EW), වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති – තීරණාත්මක වඳවීමේ තර්ජනයට ලක්ව ඇති,Extinct endangered – Critically Endangered (CR), දැඩි අවදානමේ වඳ වී යාම – වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ,Extinct at high risk – Endangered (EN), වඳවීමේ තර්ජනයට ලක්ව ඇති,Endangered Species – Vulnerable Species (VU), අවම සැලකිල්ල, Least Concern (LC), දත්ත හිඟකම,Data Deficient (DD) සහ වර්ගීකරණය නොකළ, Unclassified

නව සංස්කරණය එළිදැක්වීම ලබන සිකුරාදා (සැප්තැම්බර් 3) අමාත්‍යාංශයේ දී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය අනිල් ජාසිංහගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිතය.

Related Posts