
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත් කර තිබෙනවා.
සමරවීර මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ අදාළ තනතුරේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
තනතුරින් ඉවත් කෙරුනු සුදත් සමරවීර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු රෝග නිවාරණ අධ්‍යක්ෂකවරයා ලෙස පත් කර තිබෙනවා.
ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී ලංකාවේ කොරෝනා මර්දනය සම්බන්ධයෙන් අසම්පූර්ණ හා දෝෂ සහගත වාර්තා ඉදිරිපත් කිරීම ගැන වසංගත රෝග විද්‍ය ඒකකය දැඩි දෝෂාරෝපණයට ලක්වූ බවයි වාර්තා වුණේ.