වගා හානි වූ ගොවීන්ට රුපියල් ලක්ෂයක වන්දියක්

Spread the love

පසුගිය දා ඇති වූ ජල ගැලීම් හේතුවෙන් ගොවීන්ට සිදු වූ වගා හානිය වෙනුවෙන් හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂයක පූර්ණ වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.

වගා බිම් සකස්කර ගැනීම සඳහා ගොවි ජනතාව වෙත ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයනවල සහය ලබා ගැනීමට ද අවස්ථාව සපයා දී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ය.

වගාබිම් සකස් කිරිමේදී පවතින චක්‍රලේඛ පිළිබඳව නොසිතා අවබෝධයෙන් කටයුතු කරන ලෙස නිලධාරින්ට උපදෙස් ලබාදුන් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related Posts