ලිංගිකත්වය උලුප්පන වැඩසටහන් විකාශය කළ මාධ්‍ය නාලිකාව එ.ජා.ප යට එරෙහිව මඩ ප්‍රචාරයක යෙදී සිටිනවා – එ.ජා.ප. භික්ෂු සංසදය

Spread the love

එක්තරා මාධ්‍ය නාලිකාවක් විසින් එ.ජා.ප.යට එරෙහිව ගෙනයන මඩ ව්‍යාපාරය දිගින් දිගටම ගෙනගියහොත් භික්ෂූන් වහන්‍සේලා එයට එරෙහිව නැගී සිටින බවත්, රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය අනුමත කළ නොහැකි වුවද එය මාධ්‍ය මඟින් පුන පුනා ප්‍රකාශ කිරීම සදාචාර විරෝධී බවත් ඊයේ (22 අගෝ.) සේදවත්ත වෙහෙරගොඩැල්ල රජමහා විහාරයේ පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ භික්ෂු සංසදය පැවසීය.

පසුගිය සමයන්හි ලිංගිකත්වය පිළිබඳ උලුප්පා දක්වන අයුරින් වැඩසටහන් විකාශය කළ එම නාලිකාව පසුගිය දිනවල විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ සහ මංගල සමරවීර මහත්වරුන්ගේ කතා විකාශය කිරීමේදී පූර්ව දැන්වීමක් යොදා ඒ මහත්වරුන්ගේ කතාවන්හි අසභ්‍ය වචන ගැබ්ව ඇතැයි ප්‍රදර්ශනය කිරීම කෙතරම් සදාචාර සම්පන්නදැයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම භික්ෂු සංසදයේ සභාපති මාලඹේ සීලරත්න හිමියෝ විමසා සිටියහ.

එමෙන්ම උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ එදා එම මාධ්‍ය ආයතනයට ගල් ගසන විට එම ආයතනය බේරාගැනීමට ඉදිරිපත්වූයේ රනිල් වික්‍රමසිංහ මහතා බවයි.

මෙම මාධ්‍ය හමුවට සේදවත්ත වෙහෙරගොඩ පුරාණ රජමහා විහාරාධිපති අඹන්වල ඥානාලෝක, එජාප සංඝ සංසදයේ ලේකම් ශ්‍රී නාගරුක්කාරාම අධිපති මාරපන හේමානන්ද, දුනුකේවල සන්තින්ද්‍රිය යන භික්ෂූන්වහන්සේලා සහභාගී වී සිටියහ.

RSL

Related Posts