
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ක්‍රියාවට නංවා ඇති කාබනික කෘෂිකර්මාන්තය සඳහා ජර්මනිය, ස්විස්ර්ලන්තය ඇතුළු යුරෝපයේ ප්‍රධාන රටවල් අටක් සහාය දැක්වීමට ඉදිරිපත් වී ඇති බව මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (29) වයඹ ඇළ සංවර්ධන ව්‍යාපෘතියේ වත්මන් තත්වය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේද කීය.
“පසුගිය කැබිනට් හමුවේදී කාබනික කෘෂිකර්මාන්තයට රට ගමන් කිරීමේ ප්‍රතිපත්තිය සහ සහ ප්රවණතා ගැන ජනාධිපතිතුමාත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ඇමැතිතුමාත් අපිව දැනුවත් කළා. එහිදී ජනාධිපතිතුමා කියා සිටියේ ජර්මනිය, ස්විට්ස්ර්ලන්තය ඇතුළු යුරෝපයේ ප්‍රධාන රටවල් අටක් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අපට උපරිම සහයෝගය දෙන්න ඉදිරිපත් වෙලා තිබෙන බවයි. මේක අපේ රටට ඉතාමත්ම හොඳ පණිවිඩයක්. ඔවුන් කියන්නේ අපේ රටේ කාබනික පොහොර නිෂ්පාදනය අසාර්ථක වුවහොත් මේක මුළු ලෝකෙටම බලපාන බවත් අනිත් රටවල්වලටත් මෙය ඉදිරියට ගෙන යාමට නොහැකි වනු ඇති බවත්. ඒ නිසා ජනාධිපතිතුමා, ප්‍රබල නායකයෙක් හැටියට කාබනික පොහොර සම්බන්ධයෙන් තීරණයක් ගත්තා. එවැනි ශක්තියක් නැති සාමාන්‍ය නායකයකුට මේ වගේ දැඩි තීන්දුවක් ගන්නට නොහැකි යැයි ද ‘ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසුවේය.