රේගුවෙන් එළියට එන භාණ්ඩ 7200 / 5800කට කිසිම රේගු විමර්ශනයක් නෑ

Spread the love

රේගුවෙන් වෙළෙඳ පොළට නිකුත් කරන භාණ්ඩ 7200 ක් අතුරින් 5800ක් කුමන ආකාරයකින්වත් විමර්ශනයකට ලක් වන්නේ නැති බවත් මේවා අතර පාරිභෝජන භාණ්ඩ මෙන්ම පාරිභෝජන නොවන භාණ්ඩ ද තිබෙන බව සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය.

මේ පිළිබද වැඩි දුරටත් කරුණු හෙළිකළ ඇමති ලසන්ත අලගියවන්න මහතා, ‘මේ භාණ්ඩ කන්ටේනරයෙන් ලංකාවට ගෙනවිත් කෙලින්ම වෙළෙඳ පොළට යනවා. මෙය බරපතළ තත්ත්වයක්. නිදහසින් පසු රට මුහුණ දෙන මේ ක්‍රමවේදයේ අඩුපාඩුකම් නිවැරැදි කිරීමට අප වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. කිසිදු රජයක් ජනතාවට හිතාමතා වහ කවන්න උත්සාහ කරන්නේ නැහැ. වෙළෙඳපොළට විෂකාරක තෙල් නිකුත් වී තිබේ යැයි කිසිම රාජ්‍ය ආයතනයක් අද වන තෙක් ප්‍රකාශ කර නැහැ‘

Related Posts