රාජ්‍ය ආයතනවල මුල් පුටු වෙනුවෙන් නව පත්කිරීම් සිදුකිරීමේදී අනුමැතිය ලබාගැනීම සඳහා කමිටුවක්

Spread the love

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ තනතුරු සඳහා නව පත්කිරීම් සිදුකිරීමේ දී හෝ වෙනස් කිරීමේ දී පූර්ව අනුමැතිය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කමිටුවක් පත් කර තිබෙනවා.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අග්‍රමාත්‍ය ලේකම් අනුර දිසානායක, අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු යන පුද්ගලයින් පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඒ අනුව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වෙනස් කිරීමට අවශ්‍ය වේ නම් සාධාරණීකරණය කළ හැකි හේතු සහිතව නාම යෝජනා ඉහත කමිටුවට ඉදිරිපත් කර පූර්ව අනුමැතිය ලබා ගැනීම අනිවාර්යය කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්,

RSL

Related Posts