
ව්‍යවස්ථාපිත ආයතන සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී පවසයි.
මෙම කාලසීමාව තුළ එම ආයතනවල ප්‍රධානීන් කිසිදු පරිපාලන තීරණයක් ගැනීමෙන් වැළකී සිටිය යුතු බව ඔහු ප්‍රකාශ කළේය.
ඇතැම් මණ්ඩලවලට මේ වනවිට නව සභාපතිවරුන් පත් කර ඇති අතර අනෙකුත් මණ්ඩල සඳහා සුදුසු ප්‍රධානීන් අදාළ අමාත්‍යවරුන් විසින් පත් කරනු ලැබේ. පවතින තත්ත්වය හමුවේ රජය විසින් ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් නිල වශයෙන් අත්හිටුවා තිබේ.
මෙම ආයතන සඳහා නව සභාපතිවරුන් සහ ප්‍රධානීන් පත් කිරීම නව අමාත්‍යවරුන්ගේ වගකීම බව ද අග්‍රාමාත්‍ය ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.