රාජකීය වෛද්‍ය ඒලියන්ත වයිට් කොවිඩ් ආසාදනයෙන් මරුට

Spread the love

මහින්ද රාජපක්ෂ මහතාගේ ‘රාජකීය වෛද්‍යවරයා‘ ලෙස අභිෂේක ලබා සිටි ඒලියන්ත වයිට් මහතා කොරෝනා ආසාදනය වීමෙන් කොළඹ පෞද්ගලික ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.   

පසුගිය 2005-2015 මහින්ද රාජපක්ෂ යුගයේදී ඒලියන්ත වයිට් මහතා ‘මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික වෛද්‍යවරයා නැතහොත් රාජකීය වෛද්‍යවරයා ලෙස හදුන්වාදෙනු ලැබීය. ඒ අතර මෙරට ප්‍රභූ පුද්ගලයන්ට මෙන් ම දෙස් විදෙස් ටිකට් ක්‍රීඩකයන්ගේ භෞතික චිකිත්සක ලෙස කටයුතු කළේය.

කොවිඩ් වසංගතය ආරම්භයේදී එවකට සෞඛ්‍ය අමාත්‍යවරිය වූ පවිත්‍රා වන්නිආරච්චි, උදය ගම්මන්පිල සහ ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරු සමග කොවිඩ් වසංගතය දුරු කිිරීම සදහා ‘මුට්ටි ගගේ දැමීමට‘ උපදෙස් දෙනු ලැබුවේ ද ඒලියන්ත වයිට් මහතා විසිනි. එසේම තම ‘විශ්ව ශක්තිය‘ බලයෙන් කොවිඩ් ආසාදිත ගුවන් සේවිකාවක ඇතුළු විශාල පිරිසක් සුවපත් කළ බව ද ඒලියන්ත මහතා පසුගිය කාලයේ ප්‍රචාරය කළේය.

Related Posts