‘‘රට අවුලක – පෙරට එන්න’’ ජවිපෙන් මෙහෙයුමක්

Spread the love

‘‘රට අවුලක – පෙරට එන්න’’යන තේමාව යටතේ ජනතාව දැනුවත් කිරීමේ දෙසතියක එනම් ලබන සැප්තැම්බර් මස 01 වැනිදා සිට 15 වැනිදා දක්වා දිවයිනේ සියලූම දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි මෙහෙයුමක් ක‍්‍රියාත්මක කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත.

මෙම කාලයේදී ජනතාව දැනුවත් කිරීමේ ජනහමු, කැන්වසින්, අත් පත‍්‍රිකා බෙදාහැරීම් සහ උද්ඝෝෂණ ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ගේ ප‍්‍රධානත්වයෙන් හා සියලූ සාමාජිකයින්ගේ සහභාගිතවයෙන් මෙම වැඩසටහන සංවිධානය කෙරේ.

ජවිපෙ මාධ්‍ය ඒකකය සඳහන් කරන ආකාරයට රට මුහුණ පා ඇති ආර්ථික, සමාජ, දේශපාලන, සංස්කෘතික, නෛතික, ජාත්‍යන්තර ඇතුළු සියලූ කේෂ්ත‍්‍රවල ගැටලූ පිළිබඳව මෙන්ම එම ගැටලූ විසදා ගැනීම සඳහා ගත යුතු විකල්ප ක‍්‍රියාමාර්ග පිළිබඳවද ජනතාව සමග සාකච්ඡා කිරීම මෙහි අරමුණයි.

RSL

Related Posts