ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වීම සඳහා ශක්‌තිමත් විපක්‌ෂයක්‌ අවශ්‍යයි – හිටපු ජනාධිපතිනිය

Spread the love

සිංහල පුවත්පතක ප්‍රචාරය වූ පුවතක් සම්බන්ධයෙන් අදහස දක්වමින් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය අවධාරණය කර සිටියේ කිසිදිනක තමා එක්‌සත් ජාතික පක්‌ෂයට නොයන බවත් එවැනි ප්‍රචාරයන් අසත්‍ය බවත්ය.

හිටපු ජනාධිපතිනීය මේ බව පැවසුවේ ඊයේ (18 අගෝ.) කොළඹ පදනම් ආයතනයේ පැවැති එක්‌සත් ජාතික පක්‌ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක මහතාගේ ස්‌වයං චරිතාපදානය දොරට වැඩීමේ උත්සවයට සහභාගි වෙමිනි.

මෙරට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වීම සඳහා ශක්‌තිමත් විපක්‌ෂයක්‌ අවශ්‍ය බවද එක පක්‌ෂයක්‌ බලයේ සිටි පමණින් මෙරට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු නොවන බවද ඇය පැවසුවාය.

ශක්‌තිමත් විපක්‌ෂයක්‌ මෙරට ස්‌ථාපිත කිරීම සඳහා ජනතාව කටයුතු කළ යුතු බවද ඒ තුළින් මෙරට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන බවද ඇය සදහන් කලාය

 

 

RSL

Related Posts