
ශ්‍රී ලංකාවේ ණය සේවා නිර්ණායකය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති ඕනෑම විධිවිධානයක් ප්‍රතික්ෂේප කරන නමුත් ඒ සඳහා විකල්ප ඇති බව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියේ කියා සිටියේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (02) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ විපක්ෂය කියන පරිදි ආර්ථිකය කඩාවැටීමේ අද්දර නොමැති බවයි.
”තමන් ආර්ථික විශාරදයින් ලෙස හදුනා ගන්නා විපක්ෂයේ වත්මන් නායකයින් යුද සමයේදී ද එම අවාසනාවන්ත තත්වය ගැන අනාවැකි කීමට උත්සාහ කළ නමුත් එවකට පැවති රජය සියලු දුෂ්කරතා මඟහරවා ගැනීමට සමත් වුණා. ආර්ථිකය බංකොලොත් වූ පසු, ඔවුන් නැවත බලයට පැමිණීමට එය ප්‍රයෝජනයට ගත හැකි යැයි ඔවුන් විශ්වාස කරනවා. අද විපක්ෂය කුමක් කියා සිටියද ඔවුන් රට පාලනය කළ 2015 සිට 2019 දක්වා කාලය තුළ වර්ධන වේගය සියයට 7.4 සිට සියයට 2.1 දක්වා අඩු වුණා” යැයි අමාත්‍යවරයා පැවසීය.
රටේ වසංගත-අවහිරතා හේතුවෙන් ආර්ථිකය ඇතැම් ප්‍රදේශවල දුර්වලතාවට පත්ව ඇති බව අමාත්‍යවරයා පිළිගත්තේය. මේ වසරේදී අපේක්ෂිත වර්ධන වේගය සියයට හයක් දක්වා රජය සපුරා නොගත්තද එය සියයට පහක් කරා ළඟා වනු ඇතැයි ඔහු පැවසීය. රට විවෘත කිරීමෙන් සංචාරක කර්මාන්තය සාමාන්‍යකරණය කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා අවධාරණය කළේය.