රජය කිසිවිටකත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා නොකරන බව අග්‍රාමාත්‍ය දී.මූ ජයරත්න ඊයේ (09 ඔක්.) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පාඩු ලබන ආයතන රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් වු පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමිනි.
මෙම පනත පිළිබඳ විපක්ෂය අනවශ්‍ය බියක් ඇති කරගෙන සිටින බව ද ඔහු සදහන් කළේය.
අග්‍රාමාත්‍යවරයා අවධාරණ කළේ, ආණ්ඩුව පොදු දේපල කොල්ල නොකන බවය.
විවාදයට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ මෙය දූර්දාන්ත පනත් කෙටුම්පතක් බවය. ලාභ ලබන ආයතන පවරා නොගන්නා ලෙස ද දයාසිරි ජයසේකර ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.