රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපලේකම් වෛද්‍ය උපුල් ගුණසේකර මහතා පවසන්නේ මාලබේ පිහිටි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නීත්‍යනුකූලභාවය ලබා දීමට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පියවර ගත හොත් එදින සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට සංගමයේ මධ්‍යමකාරක සභාව ඒකමතිකව තීරණය කර ඇති බවයි.
ඔහු චෝදනා කරන්නේ නිසි සුදුසුකම් හා පහසුකම් නොමැති මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ව්‍යාජ ආයතනයක් බවත් ඊට නීත්‍යනුකූලභාවය ලබාදීම නීතිවිරෝධී ක‍්‍රියාවක් බවත්ය.
රුපියල් ලක්ෂ 65ක් පමණ ගෙවමින් වෛද්‍ය අධ්‍යාපනය සඳහා සිසුන් බඳවා ගනු ලබන ඇඳන් 1,002 කින් සමන්විත බව කියන අදාළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් බිහිවන වෛද්‍ය උපාධිධාරීන්ගේ ගුණාත්මකභාවය පිළිබඳ කිසිවකුට වගකිව නොහැකි බවද වෛද්‍ය ගුණසේකර මහතා අවධාරණය කළේය.
Loading...