මාලබේ පිහිටි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නීත්‍යනුකූලභාවය ලබාදීම සඳහා මුද්‍රණය කර ඇති ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍යවරු හෙට (07 සැප්.) උදෑසන 8 සිට දවල් 12.00 දක්වා කාලය තුළ දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
මාලබේ පිහිටි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නීත්‍යනුකූලභාවය ලබාදීම හා එම වෛද්‍ය විද්‍යාලය හරහා රජයේ වෛද්‍ය විද්‍යාලවලින් පිරිනමන එම්. බී. බී. එස්. වෛද්‍ය උපාධිය ලබාදීමට තීරණය වී තිබීම සම්බන්ධයෙන් තම සංගමය දැඩි විරෝධය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපලේකම් වෛද්‍ය සංකල්ප මාරසිංහ මහතා පැවැසීය.
ඉදිරි සති දෙක ඇතුළතදී අදාළ ගැසට් නිවේදනය අහෝසි කිරීමට බලධාරීන් පියවර නොගන්නේ නම් අඛණ්ඩව මීට වඩා දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යැමට ඊයේ (05 දා) රැස්වූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව තීරණය කළ බවද වෛද්‍ය මාරසිංහ තවදුරටත් පැවසීය.