රජයේ පුරප්පාඩු 29,000 ක්

Spread the love

මුදල් කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තුවට සහ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ඉදිරිපත් කරන ලද 2011 වර්ෂය සඳහා වන නිර්දේශයන්හි සඳහන් ආකාරයට සියලුම පළාත් සභාවල මේ වන විට රැකියා පුරප්පාඩු 29000 කට ආසන්න ප්‍රමාණයක් පවතින බව වාර්තා වේ.

බස්‌නාහිර පළාත් සභාවේ පුරප්පාඩු 4782 ක්‌, මධ්‍යම පළාත් සභාවේ පුරප්පාඩු 655 ක්‌, දකුණු පළාතේ පුරප්පාඩු 2169 ක්‌, උතුරු පළාතේ පුරප්පාඩු 4116 ක්‌, වයඹ පුරප්පාඩු 5884 ක්‌, උතුරුමැද පුරප්පාඩු 4120 ක්‌, ඌව පළාතේ පුරප්පාඩු 2246 ක්‌, සබරගමු පළාත් සභාවේ පුරප්පාඩු 3411 ක්‌, නැගෙනහිර පුරප්පාඩු 1701 ක්‌ පවතින බව මුදල් කොමිෂන් සභාව සඳහන් කරයි.

පළාත් නවයේම පසුගිය වසර තුනක කාලය තුළ සැබෑ සේවක සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස්‌ නැතැයි ද මුදල් කොමිෂන් සභාව සඳහන් කර සිටී.

Loading...

RSL

Related Posts