යුරෝපයේ වෙසෙන ශ්රී ලාංකිකයන් පිරිසක් චැනල් ෆෝ වීඩියෝපටය සහ දරුස්මාන් වාර්තාවට එරෙහිව ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඉදිරිපිට ඊයේ (13 සැප්.) උද්ඝෝෂණයක නිරත විය.
මේ සඳහා ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් කිහිපදෙනෙකුද එක්‌ව සිටි බව වාර්තාවේ.
යුරෝපීය ශ්‍රී ලාංකීය එකමුතුව විසින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කර තිබුණු අතර මේ සදහා ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපීය රටවල වෙසෙන ශ්රී ලාංකිකයන් පිරිසක් සහභාගිවී ඇත.
ත‍්‍රස්තවාදය තුරන් කොට දැවැන්ත සංවර්ධනයක් කරා ශ‍්‍රී ලංකාව පෙරට යන මොහොතක ජාත්‍යන්තර අතපෙවීම් සිදුනොකරන ලෙස උද්ඝෝෂණයට එක්වූ ශ‍්‍රී ලාංකිකයන් ඉල්ලා තිබේ.
එමෙන්ම චැනල් ෆෝ නාලිකාවට සහ දරුස්මාන් වාර්තාවට එරෙහිව යුරෝපයේ වෙසෙන ශ්රී ලාංකිකයන් පිරිසකගේ අත්සන් ඇතුළත් පෙත්සමක් ද මෙහිදී ජගත් සංවිධාන කාර්යාලයට භාර දී ඇත.
යුරෝපයේ ශ්‍රී ලාංකීකයෝ ජිනීවාහි උද්ඝෝෂණයක
Loading...