මේ වෙලාවේ දේශපාලනඥයන්ගේ කළු සුදු බලන්න හොඳ නෑ

Spread the love

රට තිබෙන තත්වය අනුව මේ අවස්ථාවේදී දේශපාලඥයන්ගේ කළු සුදු බැලීම සුදුසු නැතැයි  හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

සියලු දෙනා පක්ෂ පාට මේ අවස්ථාවේදී ඔලු වලින් අයින් කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

වර්තමාන ජනාධිපතිවරයා සමග තමා වසර පහක් ආණ්ඩු කළ බවත්  තමා එතුමාගේ හැටිද  එතුමා තමාගේ හැටිද හොඳට දන්නා  බවත් හිටපු ජනාධිපතිවරයා කීවේය.

ඔහු මෙසේ පැවසුවේ මාධ්‍යවේදීන් පිරිසක් සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන්  කළ විමසුමකදීය.

Loading...

Related Posts