වොෂින්ටන් නීති විද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ නීතිමය සායනය විසින් ඊයේ (23 සැප්.) දිනයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිටින ශී‍්‍ර ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව නිව්යෝර්ක්හි අධිකරණයක් ඉදිරියේ නඩුවක් ගොනු කොට ඇතැයි වාර්තා වේ.
එල්ටීටීඊයට එරෙහිව පැවති යුද්ධයේදී යුද හමුදාවේ 58 වැනි සේනාංකය මෙහෙයවූ මේජර් ජනරාල් සිල්වා සාමාන්‍ය වැසියන්ට හා රෝහල්වලට ප‍්‍රහාර එල්ල කළ බවත්, යටත් වූ එල්ටීටීඊ සාමාජිකයින් ඝාතනය කළ බවටත් එම නඩුව මඟින් චෝදනා එල්ල කොට තිබේ.
ජාත්‍යන්තර, ශී‍්‍ර ලංකා හා ඇමෙරිකානු නීතිය යටතේ වන්දි ඉල්ලා එම නඩුව ඉදිරිපත් කොට ඇත. දෙමළ ජාතිකයින්ට එරෙහිව සිදුවූ අපරාධවලට වගකිවයුත්තන්ට දඬුවම් නොලැබී ඇති අතර, එවැන්නන් වෙනුවෙන් යුක්තිය හා සාධාරණත්වය ඉටු කරවා ගැනීමට ඇමෙරිකාව විනිශ්චය ශාලාවක් බවට පත්ව ඇතැයි ඔවුන්ගේ නීතිඥයා වන අලි බේදුන් පවසා ඇත.
ඔහු වොෂින්ටන් නීති විද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ නීතිමය සායනයෙහි අධ්‍යක්‍ෂවරයා හා ස්පීක් නමැති මානව හිමිකම් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සහකරුවෙකු වේ.
- Saturday
- July 27th, 2024