මේක ඉවර වෙන්නේ නිව්යෝක්වල එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් – රනිල්

Spread the love

“මේක ඉවර වෙන්නේ, නිව්කෝර්ක්වල එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කියලා මම මතක් කරන්න කැමතියි“ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසුවේ ඊයේ(10) සරත් ෆොන්සේකා මහතාගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කිරීමට අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමේ වැඩසටහන ආරම්භ වූ අවස්ථාවේදීය.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් සභා මන්ත්‍රීවරුන් සෙසු පක්ෂ නායකයින් පිරිසක් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ අදහස්.

“අපි කියනවා මේක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවරවෙන් නැ මේක ඉවර වෙන්නේ, නිව්කෝර්ක්වල එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කියලා මම මතක් කරන්න කැමතියි.ඒකයි අපේ විශාලම උසාවිය අපි නඩු දානවා. ආණ්ඩුවට විරුද්ධව එතකොට කවුද කූඩුවේ ඉන්නේ, ආණ්ඩුවට කූඩුවේ ඉන්න වෙනවා.අපි තමයි චෝදනා පත්‍රය දෙන්නේ”

එහිදී නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා මෙසේ අදහස් පළ කළේය.

“එතුමා වීරයෙක් වෙලා තියෙන්නේ සිරකරුවෙක් හැටියට අද ඉන්නේ, මේ රටේ ප්‍රජාන්ත්‍රවාදය නිදහස යුක්තිය වෙනුවෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී ඉදලා සිරගෙදර සුද රෙද්ද ඇදගෙන මිය යන්න ලෑස්ති නායකයෙක් හින්දා තමයි සරත් ෆොන්සේකාට සටන් කරන්න වෙලා තියෙන්නේ, තමන්ගේ නිදහස වෙනුවෙන්”

RSL

Related Posts