
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව වයඹ මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 434 ක පමණ තොගයක් රැගත් ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ සැකකරුවන් 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඉන්දීය ජාතිකයින් 5 දෙනෙක් සහ එම ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන මෙරට ධිවර යාත්‍රාවක් සමඟ ශ්‍රී ලාංකීය සැකකරුවන් 05 ක් ද මෙම මෙහෙයුමේදි අත්අඩංගුවට බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ.
එම ඉන්දීය ඩව් යාත්‍රාව තුල තිබූ උර 09 ක අසුරන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් 434 ක පමණ තොගයක් මෙහිදී සොයාගෙන තිබෙන අතර එහි වටිනාකම රුපියල් මිලියන 130 ක් බවයි සඳහන් වන්නේ.