මැරෙන්න කළින් ගෝඨාභය ඉවත් කිරීම ගැන පසුතැවෙන්න වේවි

Spread the love

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉවත් කිරීමට දායකත්වය දැක්වූ සෑම අයෙකුම මැරෙන්න මොහොතකට හෝ පෙර ඒ සම්බන්ධයෙන් කණගාටුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ ජනපති මන්දිරය වැටලූ දිනයේදී ගෝඨාභය අණ නිකුත් කළානම් අරගලයට සහභාගි වූ 500-1000 අතර පිරිසකට මියයෑමට සිදුවනු ඇති බවයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැනි නායකයෙක් ඉතිහාසයේ කෙදිනකවත් හමු නොවන බවත් ඡන්දයෙන් දේශපාලනයට පැමිණීමට බැරි පිරිස් අරගලය භාවිතා කර එම අරගලය සම්පූර්ණයෙන්ම විනාශ කළ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ලබන වසර වන විට රට යථා තත්ත්වයට පත්කර වෙනදා ගිය ආකාරයෙන් යාමට හැකි බවට දැඩි විශ්වාසයක් පවතින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts