මාළිමාවේ ආර්ථික දැක්ම ගැන හර්ෂගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

Spread the love

ජාතික ජන බලවේගයේ නායකයන් විසින් සිය ආර්ථික ප්‍රතිපත්තිය මෙතෙක් නිශ්චිත වශයෙන් එලි දක්වා නැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

සමගි ජන බලවේගව විසින් පසුගිය දා සංවිධානය කරන ලද ජන හමුවකදී හර්ෂ මේ බව සඳහන් කළේය.

පසුගිය දා ස්වාධීන රූපවාහිනී සේවය සමග පැවැති වැඩසටහනේදී මාළිමා ආණ්ඩුව ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඉදිරියට යන බව ජාතික ජනබලවේග නායක අනුර දිසානායක පැවසූව ද ටිල්වින් සිල්වා, ලාල් කාන්ත, සුනිල් හදුන්නෙත්ති, වසන්ත සමරසිංහ වැනි නායකයන් පවසන්නේ ජාත්‍යන්තරයන් මුල්‍ය අරමුදල විසින් ගොඩනැගූ රටවල් නැති බවත් ඔවුන් සමග ගමනක් නැති බවත් යයිද හර්ෂ ද සිල්වා වැඩි දුරටත් පැවසුවේය.

‘ මාළිමාවේ නායකයින් කරන විවිධාකාර ප්‍රකාශ අනුව පැහැදිලි වන්නේ ඔවුන්ට ආර්ථිකය සම්බන්ධයෙන් නිශ්චිත වැඩපිළිවෙළක් හෝ පොදු අදහසක් නැති බවයි. නමුත් සමගි ජනබලවේගයට පැහැදිලි ආර්ථික දැක්මක් සහ වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ නිසා තමයි මාළිමාවේ නායකයෝ සමගි ජන බලවේගය සමග ආර්ථිකය සම්බන්ධ විවාදයකට නොපැමිණෙන්නේ‘  යැයි ද සඳහන් කළේය.

Related Posts