මහින්දගේ අදිසි සහෝදරයෙක් අනතුරක! ජීවිතයත් මරණයත් අතර..

Spread the love

2002- 2004 රට පාලනය කලේ එජාප ආන්ඩුවකි. 2002 ජූනි මාසයේ තංගල්ල බන්ධනාගාරයේ කැ‍රැල්ලක් ඇතිවිය . සිරකරුවන් බන්ධනාගාරයේ ආමරිය ( ආයුධ ගබඩාව ) කඩා අවි ආයුධ ගෙන බන්ධනාගාර නිලධාරීන් ප්‍රාන ඇපයට ගෙන තිබුනි. බන්ධනාගාරයේ ඇති වූ තත්වය කිසිවෙකු බලාපොරොත්තු නොවූවක් විය. එවක ජනපති ධූරය දැරූ චන්ද්‍රිකා එජාප රජය අසාර්ථක එකක් යයි චෝදනා කළාය.

එහිදී අභ්‍යනතර කටයුතු ඇමති වූ ජෝන් අමරතුංග සමග බන්ධනාගාරය වෙත ගොස් කැරලි කරුවන් සමග සාකච්චා කල හැකි බව මහින්ද කීවේය. මහින්ද රාජපක්ෂ එජාප රජයේ කපටි ආරක්ෂකයා විය. එහු එම චරිතය රග පෑවෙ තමාට වැටී තිබූ නඩු ටික බේරා ගැනීමටය . තංගල්ල බන්ධනාගාරය වෙත ගිය මහින්ද තමන් පැමිනි බව කැරලි කරුවන් වෙත දන්වා යැවීය. නමුත් මහින්දගේ රූපය දකින තුරු හෝ හඩ අසන තුරු සාකච්චා කිරීමට එකග නොවන බව කැරලි නායකයා කියා සිටියේය

එවිට මහින්ද රාජපක්ෂ බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව අසලට ගොස් ‘අමරේ මම ඇවිත් ඉන්නේ බය නැතුව එලියට එන්න‘ යැයි කියා සිටියේය.ඉන්පසු කැරලි නායකයා කිසිදු පැකිලීමකින් තොරව බන්ධනාගාරයෙන් පිටතට පැමිණියේය.ආරක්ෂාව සහතික කරන තුරු අවි බිමතැබීමට නොහැකි බව අමරේ දන්වා සිටි අතර, මහින්ද එම සහතිකය දුන් පසු අමරෙලා අවි බිම තැබූහ .

මෙම කැ‍රැල්ලේ මහ මොළ කරු අන්කිසිවෙකු නොව මහින්දමය. කැරලි නායකයා වූයේ මහින්දගේ එක කුස උපන් සහෝදරයෙකු වැනි වූ ජුරම්පිටියේ අමරේය .ඔහු සිරගත වූයේ මහින්ද වෙනුවෙන් කල මිනී මැරුම් වෙනුවෙනි. අද (07) දින ජුරම්පිටියේ අමරේට එරෙහිව විභාග වූ මිනීමැරුමකට ඔහු වරදකරු බව තීන්දු විය . තංගල්ල මහාධිකරණය විසින් ඔහුට මරණ දඬුවම නියම කළේය.

මෙම නඩු කරයෙන් මහින්දට සෘජු බලපෑමක් නොවූවද තීන්දුව සැල වීමත් සමග මහින්ද විනාඩි ගනනක් බලාගත් අත බලාගෙන සිටි බව වාර්තා විය. මහින්දලා වෙනුවෙන් මිනී මරා අවසන් ගමන් ගිය උන් බොහොමය. හිරේ වැ‍ටුන උන්ද බොහොමය. මේ දිස්වන්නේ රාජපක්ෂ යුගයේ නියත සොහොන් ලකුණුය. මහින්ද අඩ හෝරාවක් බලාගත් අත බලාගෙන කල්පනා කළේ ඒ ගැන විය යුතුය.

-තුෂාරා වන්නිආරච්චි-

RSL

Related Posts