එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශී‍්‍ර ලංකාවට සහාය ලබාගැනීමේ අරමුණින් විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජීඑල් පීරිස් ඊයේ (28 අගෝ.) රටවල් කිහිපයක සංචාරයක් සඳහා පිටත්ව ගියේය.
එම දෙසතියක සංචාරයේදී ඇමතිවරයා සිංගප්පූරුව, ජෝර්දානය, දකුණු කොරියාව සහ නොබැඳි ජාතීන්ගේ සමුළුවේ නිලධාරීන් සමඟ සාකච්ඡුා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් සිදුකරන ලෙසට එජා මානව හිමිකම් කවුන්සිලයේදී ශී‍්‍ර ලංකාවට බලපෑම් එල්ල වනු ඇති බවට ලකුණු පහළව තිබේ. විදේශ කටයුතු ඇමතිවරයා, සමඟ මහින්ද සමරසිංහ, නිමල් සිරිපාල ද සිල්වා හා අනුර පි‍්‍රයදර්ශන යාපා ඇමතිවරුන් සහ මන්තී‍්‍ර සජින් වාස් ගුණවර්ධන මෙන්ම ජිනීවාහි සිටින ශී‍්‍ර ලංකා තානාපතිවරිය එම කවුන්සිලයේ සැසියට සහභාගී වනු ඇත.
Loading...