මර්ධනය කළ යුත්තේ මේ ආකාරයෙන් නොවේ- වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ

Spread the love

මහජන අරගලය අවසන් කිරීම අනිවාර්යයෙන්ම යහපත් සහ කළයුතු කාර්යයක් වුවද එය කළ යුතු ආකාරය මෙය නොවන බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති ඉංජිනේරු කපිල පෙරේරා මහටහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධානය කරනු ලබයි.

තවද මහජන අරගලයේ උපත සහ හේතුව සොයා ඊට පිළියම් යෙදීම නිවැරදි මාර්ගය බව,  බෞද්ධ දර්ශනයේ මූලිකාංග පිළිබඳව මනා දැනුමක් ඇතැයි ජනපති ඔබට අමුතුවෙන් පැහැදිළි කළ යුතු නොවන බව ඒ මහතා එම මාධ්‍ය නිවේදනය හරහා දන්වා සිටියි.

ජාත්‍යන්තර සබඳතා මනාව හසුරුවා ගනිමින්අහිමිව ඇති මූලික අවශ්‍යතා සහ අවම ජීවන තත්වයන් ලබාදීම අරගලය අවසන් කර හැකි මාර්ගයක් බව ඉංජිනේරු කපිල මහතා පෙන්වාදේ.

මේ සියල්ල රෝග නිධානය හා බැඳුනු සාර්ථක ප්‍රතිකර්ම වේ. එසේ තිබියදි ජනපති රනිල්ගේ රජය විසින් පසුගියදා දියත්කළ  මර්ධනකාරි පිළිවෙත හේතුවෙන් මානව හිමිකම් උල්ලංඝනය වීමත්ජාත්‍යන්තර අපකීර්තියට පත්වීම ඒවායෙහි ප්‍රතිවිපාක සම්භණ්ධයෙන් ජනපති රනිල් හට මනා අවබෝධයත් තිබෙන හෙයින් ඒ සම්භණ්ධයෙන්  නැවත පැහැදිළි කිරීමත් අවශ්‍ය නොවන බව කපිල මහතා තව දුරටත් පෙන්වාදේ.

RSL

Related Posts