‘මමත් ගොවියොත් එක්ක පාරට බහිනවා‘

Spread the love

කාබනික පොහොර තීන්දුව, අතිගරු ජනාධිපතිතුමා අනාගත පරපුර හා මේ රටේ පුරවැසියාගේ ජයග්‍රහණය ගැන හිතලා ගත්ත තීන්දුවක් යැයි දිඹුලාගල  අධ්‍යාපන කාර්යාලයේ පැවති  රැස්වීමකින්  අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා  පැවසීය.

මේ එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා.

‘පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වුණ අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ  තියෙනවා අනිවාර්යෙන්ම කාබනික වගාවට යනවා කියලා. එතුමාලා  එතකොට පහුගිය කාලේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කියලා තියෙන්නේ බොරුවක්ද කියලා දැන් අපිට හිතෙනවා .

දැන් ගොවි ජනතාව කියනවා භාගයක් කාබනික පොහොරත් භාගයක් රසායනික පොහොරත්  දුන්නහම ඇති කියලා .

ඒ කියන්නේ මේ රට ජාතියක් විදිහට ලැබු  ජයග්‍රහණයක්. ගොවි  ජනතාවටත් අවබෝධ වෙලා තියෙනවා රසායනික පොහොර භාවිතය සුදුසු නැහැ කියන එක.

පහුගිය කාලේ කාබනික පොහොර හදන්න රජය මුදල් දෙනකොට ඔය පක්ෂග්‍රාහීව කටයුතු කරන කඩාකප්පල්කාරීන් ඉතා සුළු පිරිසක් කුමන්ත්‍රණකාරීව මේ ගොවි ජනතාව අවුස්සමින් කටයුතු කරා .අපි දන්නවා ඒ අයත් රජයෙන් දුන්න රුපියල් 12,000 ක මුදල අරගෙන තියෙනවා. ඒ අය ඒ මුදල් අරගෙන පොහොර හැදුවද නැද්ද කියන ප්‍රශ්නය තියෙනවා.

කාබනික පොහොර ටිකට පොස්පරස් අපේම රටේ තියෙන නිසා එකතු කරන්න පුළුවන්කම තියෙනවා .අපි දැක්කා පොටැසියම් පොහොර නැවක් ගෙන්වනු ලැබුවා. නයිට්‍රජන්  පොහොර දියරයක් විදිහට ගේනවා .

මමත් ගොවි ජනතාව වෙනුවෙන් මහපොළොවේ  සටන් කරපු දේශපාලන නියෝජිතයෙක් විදිහට කියන්නේ අපි කන්නයක් දෙකක් කරල බලමු. කන්නයක් කරල බලමු අස්වැන්න කොහොමද කියලා. මේකේන පොටෑසියම් සහ නයිට‍්‍රජන්  දියර යොදලා.අපි දෙවැනි කන්නෙත් බලමු. යම් අසාර්ථකත්වයක් තිබුනොත් එතකොට මාත් ගොවියා එක්ක පාරට බහිනවා.

හැබැයි මේ  ජාතිය බේරගන්න ආරක්ෂා කරගන්න වකුගඩු රෝගයෙන්, පිළිකා රෝගීයෙන්, අධි රුධිර පීඩනයෙන්, දියවැඩියාවෙන් මේ ජනතාව බේරගන්න ඕනේ මේ රසායනික පොහොර මඟින් එයට බලපෑමක් සිද්ධ වෙනවා .රසායනික පොහොර  බලපෑම අඩු කරගන්න, පොහොර වලින් මිදෙන්න පුළුවන් නම් ඒක සුවිශේෂී කාරණයක් වෙනවා.ඒ නිසාමයි අනුර කුමාර දිසානායකත් කාබනික පොහොර වගාවකට යායුතුයි කියලා කියන්න ඇත්තේ කියලා හිතනවා, බොරුවට හරි.

අපි ඉල්ලා සිටින්නේ ගොවි ජනතාවගෙන් කන්න දෙකක් කරල ඊට පස්සේ තීන්දුවකට යමු කියලා.මේ බංකොලොත් දේශපාලන කඳවුරෙන් අපි ඉල්ලන්නේ ගොවි ජනතාව නොමඟ යවන්න එපා කියලා.

එන් පී කේ නයිට්‍රජන් පොටෑසියම් පොස්පරස් පොහොර ගොවි ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළ අපි සංවිධානය කරලා හමාරයි කියන එක විශේෂයෙන් සිහිපත් කරනවා .

අපිටත් තියෙනවා වගකීමක් අපේ ජාතිය බේරගන්න .ඒ නිසයි අපි කියන්නේ ජනාධිපතිතුමා ගත්ත ක්‍රියාමාර්ගයේ ප්‍රසංසනීයයි කියලා.’

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර මහීපාල හේරත් මහතා,උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්,

පොලොන්නරුව දිස්ත්‍රික් අධ්‍යාපන කලාප අධ්‍යක්ෂවරුන් ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගි විය.

Related Posts