මනූෂ – හරීන් සජබෙන් නොරපීමේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනී
අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර පක්ෂයෙන් නෙරපා හැරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීත්‍යානුකූලව වලංගු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීරණය කළේය.
හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගය ගත් තීන්දුවට අභියෝග කරමින් ඔවුන් දෙදෙනා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සම සලකා බැලීමෙන් පසු, එම පෙත්සම නිෂ්ප්‍රභ කරමින් මෙම තීන්දුව ලබාදී ඇත.
මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ප්‍රතිඵලයක් ලෙස හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන් මන්ත්‍රී ධූරවලින් ඉවත් කිරීම සිදුවන අතර ඒ සමග ඔවුන්ගේ අමාත්‍ය ධුර අහිමි වීමට ද නියමිතය.