මත්කුඩු වැනි මත්ද්‍රව්‍ය හේතුවෙන් පීඩා විඳින කොළඹ ජනතාව ඉන් බේරාගත යුතුයි – ජනපති

Spread the love

ඊයේ (06 ඔක්.) අරලියගහ මන්දිරයේදී සුරාබදු සැරයන් හා නියාමක සංගමයේ 60 වන සංවත්සරය වෙනුවෙන් මුද්දරයක් සහ සමරු කවරයක් නිකුත් කිරීමේ උත්සවයට සහභාගීවෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ‍මත්කුඩු වැනි මත්ද්‍රව්‍ය හේතුවෙන් කොළඹ ජීවත් වන ජනතාව දැඩි ලෙස පීඩාවන්ට ලක් වන බවත් එම උවදුරුවලින් ජනතාව බේරා ගැනීම සදහා සුරාබදු නිලධාරීන්ගේ සහාය අවශ්‍ය බවත්ය.
මත්කුඩු වැනි නීති විරෝධි මත්ද්‍රව්‍ය හේතුවෙන් කොළඹ ජනතාව මුහුණ පා ඇති ගැටලු අවසන් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුරාබදු නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මත්කුඩු වැනි මත්ද්‍රව්‍ය හේතුවෙන් කොළඹ නගරය අවට ජනතාව විශාල පීඩනයකට ලක්ව සිටින බවයි.


Loading...

RSL

Related Posts