භාරත දැයට සමුදෙයි

Spread the love

මුල්ලේරියාව ප‍්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් මියගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි, ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ රාත‍්‍රී 7 ට පමණ කොලොන්නාව උමගිලිය ක‍්‍රීඩාගංගනයේදී සිදු කෙරිණි.

අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහ විපක්ෂය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය ඇතුළු දේශපානඥයින් රැසකගේ සහභාගීත්වයෙන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවති අවමංගල උත්සවය සඳහා අති විශාල පිරිසක් සහභාගී විය. එමෙන්ම මාර්ග ජනයාගෙන් පිරීයාම හේතුවෙන් දැඩි මාර්ග තදබදයක් ද තිබෙනු දක්නට ලැබිණි.

භාරත ලක්ෂමන් ප්‍රෙමචන්ද්‍ර මහතාගේ දේහය අද පස්වරුවවන තෙක් කො‍ලොන්නාවේ, පිහිටි ඔහුගේ නිවසේ තැම්පත් කර තිබුණු අතර පසුගිය දා රාත්‍රියේ මෙන්ම ඊයේ දිනයේත් දේශපානඥයින් ඇතුළු විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වුහ.

අවමංගල්‍ය කටයුතු නිමා වන තෙක් ප‍්‍රදේශය පුරා විශාල හමුදා සහ පොලිස් ආරක්‍ෂාවක් යොදා තිබුණු දක්නට ලැබිණි.

RSL

Related Posts