භාරතට බල්ලෙක් වගේ වෙඩි තැබීම පිටුපස්සේ ලොකු හස්තයක් තියෙනවා – භාරතගේ සොහොයුරු

Spread the love

පසුගිය 08 වැනිදා ඝාතනයට ලක්වූ හිටපු පාර්ලිමෙන්තු මන්තී‍්‍ර හා වෘතීය සමිති කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්‍ෂ ජනරාල් භාරත ලක්‍ෂමන් පේ‍්‍රමවන්‍ද්‍ර මහතාගේ ඝාතකයන් හෙලිදරවුකර ගැනීමට හා ඔවුන්ට දඬුවම්දීමට ජාත්‍යන්තර ව්‍යාපාරයක් ආරම්භ කරන බව පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ සොහොයුරිය ස්වර්ණා ගුණරත්න මහත්මිය කියයි.

කොළඹ කොම්පඤ්ඤවීදියේ නිපෝන් හෝටලයේ අද (18 ඔක්.) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දැක්වූ ඇය පැවසුවේ භාරත ඝාතන කුමන්ත‍්‍රණය අද ඊයේ ආරම්භ වූවක් නොවන බවත ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයින්ට භාරත ඝාතනය අමතක වී ඇති බවත්ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ සොහොයුරිය පැවසුවේ සිය සොයුරා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රගතිශීලි පිල නියෝජනය කළ බවයි.

මෙහිදී අදහස් දැක්වූ භාරත මහතාගේ සොයුරු අසේල පේ‍්‍රමචන්‍ද්‍ර මහතා

මේ පරීක්ෂණ වල කිසිදු විනිවිද භාවයක් නෑ. මේ දක්වා මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප‍්‍රකාශ වලින් කරන්නේ එකිනෙකට පරස්පර ප‍්‍රකාශයන්. ඊයේ හුළුගල්ල කියලා තිබුනා දුමින්ද සැකකාරයෙක් නෙමෙයි කියලා පොලිසිය අපිට කියනවා පරීක්ෂණ කටයුතු ඉවර කරන්නත් ඉස්සෙල්ලා එහෙම කියන්නේ කොහොමද කියලා. පොලසිය පරීක්ෂණ පවත්වන විදිය පිළිබඳව අපිට කිසිම විශ්වාසයක් නෑ.
දුමින්දගේ තත්ත්වය ගැනැත් අපිට ප‍්‍ර‍්‍රශ්න තියෙනවා. මීට දින කිහිපයට ඉස්සෙල්ලා කිව්වේ ඔහුට ජීවිතයට 80% අනතුරක් තියෙනවා. දැන් කියනවා ඝන ආහාරත් කන්න දෙනවා කියලා.
අපි හෙට අනිද්දා ලංකාවෙන් ගියාටත් පස්සේ ඕකා ඇවිදින්නත් ගනියි.
වෙනත් ප‍්‍රජාතාන්ත‍්‍රවාදී රටවල මෙවැනි ප‍්‍රශ්ණයක් මතු උනාම ඒ ආණ්ඩුවලින් නිල ප‍්‍රකාශයක් කරනවා. එවැනි තත්ත්වයක් තුළ දුමින්දගේ රෝගී තත්ත්වයත් බොරුවක් ද කියලා අපිට බරපතල සැකයක් තියෙනවා.
අපට උත්තර නැති ප‍්‍රශ්න ගොඩක් තියෙනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජේ්‍යෂ්ඨ නායකයින්ගේ අත්තටු කඩල කියෙන්නේ. අපි ඒ ගන කනගාටු වෙනවා. ඒඅ යට අපට උදව්වක් කරන්න බැරිවීම ගැන කනගාටු වෙනවා. භාරතට බල්ලෙක් වගේ වෙඩි තැබීම පිටුපස්සේ ලොකු හස්තයක් තියෙනවා.

මාධ්‍යවේදීන් ඇසු ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් අසේල පේ‍්‍රමචන්‍ද්‍ර මහතා මෙසේ පිළිතුරු ලබා දුන්නේය.

මාධ්‍යවේදීන් – ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විශ්වාසයක් නැද්දැ?

අසේල මහතා- අපි ජනාධිපතිවරයා මුණ නොගැසුනේ කල කිරීම නිසයි.

මාධ්‍යවේදීන් – පොලිස් පරීක්‍ෂණ සම්බන්ධයෙන් සැකයි ද?

අසේල මහතා- ටී – 56 මෙතරම් ප‍්‍රමාණයක් තියාගන්න කවුද අවසර දුන්නේ. ඉතින් පොලිස් පරීක්‍ෂන සම්බන්ධයෙන් විශ්වාසය තබාගන්න පුළුවන්ද ?

මාධ්‍යවේදීන් – ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා ද?

අසේල මහතා- අපි ලියුම් කිහිපයක් යැවුවත් ජනාධිපතිවරයාගෙන් පිළිතුරු ලැබුනෙ නැහැ. ජනාධිපතිවරයා අපි සමග‘ කතා කළෙත් නැහැ. අපි ඒ ගැන කනගාටු වෙනවා. භාරත මලාය පස්සේ කතා කරලත් වැඩක් නැහැ.

මාධ්‍යවේදීන් – භාරතගේ දියණිය දේශපාලනයට එනවද?

අසේල මහතා- කවුරුත් තාම දේශපාලනයට එන්න හිතල නැහැ. දුවත් දැම්ම දේශපාලතයට එයි කියල කියන්න බැහැ.

මාධ්‍යවේදීන් – භාරතගේ දියණිය හා පුතා මේ මාධ්‍ය සාකච්ඡාවට නාවෙ ඇයි ?

අසේල මහතා- භරතගේ මරණයෙන් ඒ අය වැටිල ඉන්නේ ඒ නිසයි මෙතෙන්නට නාවේ.

RSL

Related Posts