බේකරි නිෂ්පාදනවල මිල ගැන සුභ පණිවුඩයක්

Spread the love

ග්‍රෑම් 450 පාන් ගෙඩියක සහ අනෙකුත් බේකරි ද්‍රව්‍යවල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින් අඩු කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය (ACBOA) තීරණය කර තිබේ.

දින දෙකක් ඇතුළත පාන් මිල අඩු කරන ලෙස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු කළ ඉල්ලීමට අනුව මෙම තීරණය ගත් බව ACBOA සභාපති එන්.කේ ජයවර්ධන ප්‍රකාශ කළේය.

පාන් සහ අනෙකුත් බේකරි ද්‍රව්‍යවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා (19) බේකරි හිමියන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද හැකිතාක් අඩු කරන ලෙස ACBOA සභාපතිවරයා සංගමයේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

Related Posts