බිළිඳුන් නිදිගැන්වීමේ පුරුදු ගැන සංස්කෘතික සංවාදයක්: වඩාත් ආදරණීය හා සුරක්ෂිත ක්‍රමය කුමක්ද ?

බිළිඳු දරුවන් දෙමව්පියන්ගෙන් වෙනකොට නිදි කරවීම අලුත් පුරුද්දකි. එසේම එය ලෝකය පුරා බිළිඳු දරුවන් සහිත පවුල්වල දෙමව්පියන් විසින් අනුගමනය කරනු ලබන පුරුද්දක් ද නොවේ. බටහිර සංස්කෘතිය අනුගමනය කරන රටවල දෙමව්පියන් හැරුණුවිට වෙනත් සංස්කෘතීන්හි දෙමව්පියෝ සිය බිළිඳුන් ඔවුන්ගේ නිදන කාමරයේම තබාගන්නා අතර ඇතැම්විට දරුවන් සිය යහනෙහිම තබා නිදි කරවති.

අලුතින් මව්පිය පදවි ලද බටහිර වැසියන් දරුවන් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන එකම වෙනස එය නොවේ. නිදි ගැන්වීමේ පටන් නියමිත වේලාවකට යහනට යැවීමේ පටන් දරුවන් දෙපයින් නැගීසිටින්නන් අතරට එක්කිරීම තෙක් දරුවන් ඇතිදැඩි කරනු ලැබීම සඳහා අනුගමනය කළ යුතුයයි අප විසින් ප්‍රමිතිගත කරන ලදුව පවතින පුරුදු බොහෝවිට සිදුවෙයි.

කුඩා දරුවන් අඩුතරමින් මාස හයක කාලයක්වත් තම නිදන කාමරයේ ම නිදිගන්වන මෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ දෙමව්පියන්ට උපදෙස් සපයනු ලැබේ. නමුත් බොහෝදෙනෙක් එය දකින්නේ දරුවන් බලාගනු ලබන විධිමත් ආයතනයකට යවනු ලබන තෙක් ඇති අතරමැදි කාලයක් ලෙසිනි.

A woman from the Turkana tribe carries a baby on her back at the Lake Turkana Festival in Loiyangalani, near Lake Turkarna in Northern Kenya on May 19, 2012
අප්‍රිකාවේ ‘ටුර්කානා’ ගෝත්‍රික මවක් සිය බිළිඳා සිරුරේ පිටුපස රඳවා ගනිමින් ‘ටුර්කානා විල’ උළෙලට සහභාගීවීම සඳහා ගමන්ගනිමින් සිටි අවස්ථාවක්

එහෙත් ලෝකය පුරා වෙනත් සමාජයන්හි බිළිඳු දරුවන් ඔවුන්ගේ දෙමව්පියන් තුරුළේ ගතකරන කාලය දීර්ඝවූවකි. බොහෝ ආසියානු රටවල එක දරුවෙක් පමණක් නොව ඊට වැඩි ගණනක් වුවද ඔවුන්ගේ දෙමාපියන්ගේ කාමරය බෙදාහදා ගන්නවා පමණක් නොව, එකම සයනයේ නිදන බව 2016 වසරේ සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත. උදාහරණයක් වශයෙන් ඉන්දියාවේ සහ ඉන්දුනීසියාවේ 70%ක් ළමුන් එපරිද්දෙන් ජීවත්වෙන අතර, ශ්‍රී ලංකාවේ සහ වියට්නාමයේ එම ප්‍රවනතාව 80%කි. දෙමව්පියන් සහ බිළිඳු දරුවන් එකම සයනයේ නිදාගැනීම සම්බන්ධයෙන් අප්‍රිකානු රටවලින් ලැබෙන චිත්‍රය අපැහැදිලි එකක් නමුත් එම සමාජයේත් එකී පුරුද්ද පැවතීම මගින් පෙන්නුම් කෙරෙන්නේ එය විශ්ව මට්ටමකට ආසන්න තත්ත්වයකින් පවතින පුරුද්දක් වන බවය.

බටහිර සංස්කෘතික බලපෑම් ඇතත් ඉන්දියාවේ ද දරුවන්ට වෙනම කාමර ඇති නිවාසවල දරුවන් අතර පවා සයනය බෙදාහදා ගනිමින් නිදාගැනීමේ මුල්බැසගත් සම්ප්‍රදායක් ඇති බව බැංගලෝරයේ වෛද්‍යවරියක මෙන්ම මාපිය උපදේශකවරියක වන ඩෙබ්මිටා දත්තා (Debmita Dutta) පවසයි.

”හතර දෙනකුගෙන් යුක්ත පවුලකට කාමර තුනක් තියෙනව. කාමර දෙකක් දරුවන් දෙදෙනාට. අනිත් කාමරය දෙමව්පියන්ට. නමුත් දරුවන් දෙදෙනාම නිදාගන්නේ දෙමව්පියන්ගේ ඇඳේ”

එකම සයනයක නිදාගැනීම රාත්‍රී කාලයේ ළමුන් පිබිදුන විට ඇතිවෙන කරදරය අවම කරගැනීමට එක මාර්ගයක් වන බව වෛද්‍ය දත්තා පවසන්නීය. දත්තාගේ දියණිය ගත්විට ඇයට ඇයගේ දෙමව්පියන්ට යාබදව අකුලන ඇඳක් තිබුණි. වයස අවුරුදු හත වනතෙක් දියණියට එම ඇඳෙහි නිදාගත හැකිවිය.

”මව්කිරි දීම නතරකරනු ලැබීමෙන් පසුව පවා අපේ දුව අපිත් එක්ක එකම කාමරයේ නිදාගන්න කැමති වුණා.”

Mother And Son Sleeping On Bed At Home
දරුවා ඔවුන්ගේම ඇඳෙහි තබාගනු ලැබීම දරුවන්ට යම්දෙයක් දීමක් වැනි හැඟීමක් ඇතැම් දෙමව්පියන් තුළ පවතී

කල්තබාම ස්වාධීනත්වය සඳහා දිරිගන්වනු ලැබීම පුද්ගලවාදය ඉලක්ක කරගත් සම්ප්‍රදායික බටහිර සංස්කෘතිය සමග බැඳුනකි. එම දැක්ම අනුව දෙමව්පියන් සහ දරුවන් එකට නිදාගැනීම එම දරුවන් මව්පියන් මත රඳා පැවැත්ම සඳහා කෙරෙන දිරිගැන්වීමක් ලෙස පෙනීයාමට ඉඩකඩ ඇත. එහෙත් දත්තා වැනි වඩාත් සාමූහිකවාදී මතධාරී දෙමව්පියන් එම කරුණ එයාකාරයෙන් දකින්නේ නැත.

”දෙමව්පියන් දරුවන්ට එක්තරා ස්වයං-විශ්වාසයක්,එක්තරා ස්වාධීනත්වයක් ලබා දෙන්නේනම් ඔවුන් දෙමව්පියන්ගේ වෙන්ව ඔවුන්ගේම ජීවිතයක් ගොඩනගා ගනීවි. ඔවුන් දෙමව්පියන් මත සදහටම රැඳී සිටින්නේ නැහැ” දත්තා පෙන්වා දෙයි.

මේ අතර බටහිර රටවල බොහෝ දෙමව්පියන් නින්දට යාම පුරුදු පුහුණු කිරීමේ ක්‍රමෝපායයන් වෙත යොමුවීම වෙනුවට තෝරාගනු ලබන ආන්තික ක්‍රියාවක් වන්නේ ළමුන්ට ”හඬන්නට ඉඩ හැරීමය”. එහි අරමුණ දරුවා දීර්ඝ නින්දකට යොමුකොට දෙමව්පියන්ට අවශ්‍ය විවේකයක් ලබා ගැනීමය.

බටහිර සම්ප්‍රදාය බල පැවැත්වෙන ඔස්ට්‍රේලියාවේ දෙමව්පියන්ට දරුවන් නිදිගැන්වීම පුරුදු පුහුණු කෙරෙන රාජ්‍ය අරමුදලින් පවත්වා ගෙන යනු ලබන නේවාසික පාසල් පහසුකම් පවා පවතී.

ඉහත සඳහන් කරන ලද සංස්කෘතිකමය පරතරය පවතින්නේ බිළිඳුන් නිදාගනු ලබන ස්ථානය සම්බන්ධයෙන් පමණක් නොවේ. එම දරුවන් නිදිගන්වන වෙලාව සහ ඔවුන් කොපමණ කාලයක් නිදාගනු ලබන්නේද යන කරුණු අතින්ද වෙනස්කම් ඇත.

ජපානයේ තෝකියෝ බේ උරයසු ඉචිකවා වෛද්‍ය මධ්‍යස්ථානයේ (Tokyo Bay Urayasu Ichikawa Medical Center) ප්‍රධාන විධායක නිලධාරී ජුන් කොහ්යමා(Jun Kohyama) සහ ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් සිදුකරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල අනුව,මාස තුනක් පිරුන ජපන් දරුවන් සෙසු ආසියාතික රටවල වෙනත් බිළිඳුන් නිදන කාලයට වඩා අඩුකාලයක් නිදාගන්නා බව පෙන්නුම් කරයි.

”ඇතැම්විට ඊට හේතුව, නිදාගැනීම කම්මැලිකමක් ලෙස සැලකීමේ ජපන් පුරුද්ද වියහැකි බව ජුන් කොහ්යමා පවසයි.

කොහ්යාමා තවත් දෙයක් සොයා ගත්තේය. එනම්, ආසියානු කලාපයේ දරුවන් සෙසු කොකේසියානු රටවල දරුවන්ට වඩා පසුව නින්දට යන බවය. දරුවන් සමඟ වැඩි වේලාවක් ගතකරනු ලැබීමේ දෙමාපිය උවමනාව ඊට එක්තරා හේතුවක් බවත් ඔහු පවසයි. එසේම දෙමව්පියන් සහ බිළිඳුන් එකම සයනයේ නිදාගැනීමේ සංස්කෘතිකමය චාරිත්‍රයත් ඊට හේතුවකි.

”දරුවා තම සිරුරේම කොටසක් ලෙස දෙමව්පියන් හඟිනවා” ජුන් කොහ්යාමා පවසයි.

එක්සත් රාජධානියේ මෙන්ම එක්සත් ජනපදයේ ඇමෙරිකානු ළමා සෞඛ්‍ය ඇකඩමියත් හදිසි ළමා මරණ (SIDS) අඩුකරගැනීමේ පියවරක් වශයෙන් ළමුන් තමන්ගේ නිදන කාමරයේ නිදිකරවන ලෙස උපදෙස් දෙන නමුත් ළමා මරණ අනතුරු වැඩිවෙමින් ඇතිහෙයින් ඔවුන් තමන් නිදන ඇඳේම තබා නොගන්නා ලෙසත් කියා සිටියි.

Mother with baby son (12-17 months) sleeping
එකම සයනය දරුවන් සමඟ පොදුවේ බෙදාහදා ගනු ලබන ඇතැම් රටවල හදිසි ළමා මරණ (SIDS) සින්ඩ්‍රෝම් අනුපාතය ඉතා පහළ මට්ටමක පවතී

මේ සම්බන්ධයෙන් බුවනේෂ්වර් හි සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යායතනයේ මහාචාර්යවරයකු මෙන්ම ග්‍රන්ථ කර්තෘවරයකු ද වන රෂ්මි දාස් (Rashmi Das) පවසන්නේ කුමක්ද? දුම්පානය සහ මත්බීම වැනි වෙනත් අනතුරුදායක හැසිරීම් නොමැතිවිට බිළිඳු මරණ(SIDS ) අනතුර වැඩිවීම කෙරෙහි සයනය බෙදාහදා ගනු ලැබීම හේතුවන්නේද යන්න මෙම මාතෘකාව සම්බන්ධයෙන් ඉතා ඉහළ මට්ටමේ සමීක්‍ෂණයක් සිදුනොකොට තක්සේරු කරනු ලැබීම දුෂ්කර බව මහාචාර්ය රෂ්මි දාස් පවසයි.

මෙම කරුණ සම්බන්ධයෙන් බොහෝ හැදෑරීම් සිදුකෙරෙන්නේ බිළිඳුන් සමඟ සයනය කිරීම අවම මට්ටමක පවතින ඉහළ ආදායම් සහිත රටවලය. එහෙත් දෙමව්පියන් සහ බිළිඳුන් එකට සයනය කිරීම සම්ප්‍රදායක්ව පවතිනන අඩු ආදායම් සහිත රටවලින් ලෝකයේ අඩුම ළමා මරණ අනුපාත වාර්තා වෙයි.

මෙය භූගෝලීය මට්ටමින් සරල තැනක් ගනු ලබන කාරණයක් නොවන බවත් පෙනීයයි. ලෝකයේ වෙනත් කලාපයකින් සංස්කෘතික චර්යාවන් රැගෙන පැමිණ බටහිර රටක ජීවත්වෙන ඇතැමෙක් බිළිඳු මරණ අනතුරේ අඩුවක් ද රැගෙන එයි. උදාහරණයක් ලෙස පාකිස්තාන සම්භවයක් සහිත එක්සත් රාජධානියේ ජීවත්වෙන පවුල් ගත්විට එම පවුල්වල මව්වරුන් බිළිඳුන් සමග තමන්ගේ සයනයක නින්දට යන නමුත් එම ප්‍රජාව අතර ළමා මරණ අනුපාතය පහළ මට්ටමක පවතී.

”එය ළමා මරණ අඩුවීම සමඟ බැඳුන සංස්කෘතිකමය චර්යාවක්” ඩරම් සරසවියේ (University of Durham) සමාජ මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක සහ එම සරසවියේ දෙමව්පියන්-බිළිඳුන් සයනය කිරීම පිළිබඳ අංශයේ අධ්‍යක්‍ෂවරිය වන හෙලන් බෝල්(Helen Ball) පවසයි.’බ්‍රැඩ්ෆර්ඩ්’ නගරයේ වෙසෙන පාකිස්තාන සම්භවයක් සහිත මව්වරු මව්කිරි දීම අතින් ඉහළ අනුපාතයක් වාර්තා කරයි. එසේම එම කාන්තාවන් අතර දුම්පානය සහ මත්බීම නොකරන සුලුය. ඔවුන් සිය බිළිඳුන් වෙනම කාමරයක නිදි කරවති. එම සියලුම කරුණු බිළිඳු මරණ අනතුර අවමවීම කෙරෙහි හේතුවෙන බවක් පෙන්නුම් කෙරෙයි.

දෙමව්පියන් බිළිඳුන් සමඟ නින්දට යාම දිරිගන්වනු ලැබීමට තමා මනාප බව රෂ්මි දාස් පවසයි. එහෙත් මෙහිදී ප්‍රවේශම් විය යුතුව ඇති කරුණු කීපයක්ද පෙන්නුම් කෙරෙයි. එනම්,එවැනි දෙමව්පියන් දුම්පානය කිරීමෙන් වැළකිය යුතුය. ඇල්කොහොල් භාවිතය නතරකළ යුතුය. බොහෝ තරබාරු නොවිය යුතුය යන්න තවත් නිර්දේශයකි.

”The Lullaby Trust” යනු එක්සත් රාජධානියේ බිළිඳු මරණ වළක්වා ගැනීම සඳහා ක්‍රියාත්මකවන පුණ්‍යායතනයකි. සිය දරුවන්ට සුරක්‍ෂිත නින්දක් සඳහා පසුබිම සකස්කරන ලෙස එම ආයතනය දෙමව්පියන්ට උපදෙස් දෙයි.

CIRCA 1955: A portrait of an Inuit women and her baby on her back in Unalakleet,Alaska.
රාත්‍රි කාලයේ එක්ව නින්දට යාම සහ දිවාකාලයේ ළමුන් ඇඟට රඳවා තබාගැනීම ඔවුන් සමඟ සමීපව සිටීමට මග සලසයි

රාත්‍රි කාලයේ එක්ව නින්දට යාමේ දී මෙන්ම දිවාකාලයේ දෙමව්පියන් එහා මෙහා යාමේදී සහ ගෙදොරදොරේ වැඩ කටයුතු කිරීමේ දී ළමුන් ඇඟට තබා රඳවාගනු ලැබීම ඔවුන් සමීපව තබාගැනීමේ මාර්ගයකි. මෙය අලුත් සම්ප්‍රදායක් නොව මිනිසා විසින් දීර්ඝ කාලයක පටන් අනුගමනය කරන ලද පුරුද්දකි. ළමුන් ගෙනයාමට දැන් පාවිච්චි කෙරෙන ‘ප්‍රෑම්’ වික්ටෝරියානු යුගයේ ජනප්‍රියවීමත් සමඟ ළමුන් රැගෙන යන සාම්ප්‍රදායික විධික්‍රම බටහිර සමාජයේ ඇතැම් කොටස් අතර සාමාන්‍ය නොවන තත්ත්වයකට පත්විය. ලෝකයේ සෙසු කලාපයන් ගත්විට ඒවායේ ළමුන් ගෙනයාම සඳහා විවිධ වූ ක්‍රම ඇති බවක් දක්නට ලැබෙයි.

ළමුන් ඇඟට තබා එල්ලාගෙන නොයන දෙමව්පියන් ඔවුන්ගේ දරුවන් වඩාගෙන එහාමෙහා ගෙනයාමේ දී ඔවුන් ඉක්මණින් සන්සුන් වෙන බවක් තේරුම් ගැනීමට ඉඩකඩ ඇත. ”එවැනි රිද්මයානුකූල චලනයන් බිළිඳකු සන්සුන් කර ගැනීමේ බලයක් සහිත බව දෙමව්පියන් අවබෝධයෙන් දන්නා” බව ජපානයේ මස්තිෂ්ක විද්‍යාව පිළිබඳ ‘රිකේන්’ මධ්‍යස්ථානයේ කුමී කුරෝඩා (Kumi Kuroda) පවසයි.

සැබෑ මානසික මිණුම් නොව දෙමව්පියන්ගේ දිනපොත් උපයෝගීකර ගනිමින් කලින් සිදුකරන ලද සමීක්ෂණයකදී දක්නට වූ ළමුන් ගෙනයාම මගින් ඇතිවෙන මානසික බලපෑම ගැන කුරෝඩා අවධානය යොමුකිරීමට පටන්ගත් අතර ළමුන් ගෙනයාමට යොදන කාලය සහ ඔවුන් අඬන ප්‍රමාණය අතර එකිනෙකට සම්බන්ධයක් ඇති බවක් එහිදී අනාවරණය නොවුණි.

”මට මුලින් අදහස සමඟ එකඟවෙන්න අමාරුයි” කුරෝඩා පවසන්නීය.

දරුවකු රැගෙන යාම ඔවුන්ගේ හෘදගැස්ම සහ චලනය මෙන්ම ඔවුන් අඬන ප්‍රමාණයේත් අඩුවක් සිදුවෙන බව කුරෝඩාගේ පර්යේෂණය මගින් හෙළිවිය. ළමයකු අතින් නොගෙන ”ප්‍රෑමයක” තබා හෝ මෝටර් රථයක රැඳවු අසුනක තබා රැගෙනයාම හෝ චලනය නොවී රුවාගෙන සිටීම මගින් එම දරුවන් සන්සුන් වන අතර එවැනි ක්‍රියාමාර්ග සංයුක්තවීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලද හැකි බව කුරෝඩා පවසන්නීය.

දිවා රෑ දෙකේ ළඟින් සිටීම මගින් බිළිඳුන් ජෛවීය කතාබහක් අපේක්ෂා කරති. උපතින් පළමු මාස කීපය තුළ දරුවන් පැය විසිහතරේම පෝෂණය කළ යුතුව ඇත. ළමුන් නිදාගැනීමේ රටාව වර්ධනයවීම සහ රාත්‍රියේ ඔවුන් නින්දට වැටීම දියුණුවීම ආරම්භවීමෙන් අනතුරුවත් පළමු අවුරුද්ද ඇතුළ තවත් ඔවුන් රාත්‍රිකාලයේ පිබිදීම ස්වභාවිකය.

A baby in a cot crying
නින්ද සඳහා හුරුකිරීමේ එහාම අන්තය බිළිඳකු අඩන්නට අත්හැර දමනු ලැබීමය

එහෙත් ”දරුවන් රැයෙහි පිබිදීම ස්වභාවික” යන්න බටහිර ලෝකයේ පළමුවරට මව්පිය පදවි ලද්දන් ඔවුන්ගේ පවුල්වලින් ,හිතමිතුරන්ගෙන් සහ ඔවුන්ගේ සංස්කෘතිය කෙරෙන් ලබන පණිවුඩය නොවේ.

”අපි ළමුන් රැයෙහි නින්දෙන් නොනැගිටිය යුතුය යන සංස්කෘතිකමය මිථ්‍යාව දියුණු කරනු ලැබ තිබෙනවා” බෝල් පවසයි.

මේ මිථ්‍යාවට ඒ සමඟ බැඳුනු ප්‍රතිවිපාක ඇත. කල්තබා මව්පියන් වීමේදී නින්දට බාධාවීම මගින් යොවුන් වියේදී සිදුවූ දරු ප්‍රසූතිය සමඟ බැඳුන මානසික ආතතියක් වෙයි. එහෙත් දරුවකුගේ නින්ද සැලැස්මකට අනුව තහවුරු කිරීමට යත්න දැරීම ප්‍රශ්නය නිවැරැදිව ග්‍රහණය කිරීමක් නොවන්නේයයි බෝල් පවසයි. ඒ වෙනුවට දෙමව්පියන්ට සෘජුව උදව්වීම ඔවුන්ගේ මානසික සෞඛ්‍ය වැඩිදියුණු කරන සුලුය.

”සෙසු දෙමව්පියන්ට වඩා මානසික ආතතියෙන් පෙළෙන දෙමව්පියන් දරුවන්ගේ නින්ද අඩාලවීම මගින් පීඩා විඳිනව” බෝල් සඳහන් කරයි. සැබැවින්ම අප ඉදිරිපත් කරන තර්කය වන්නේ දෙමව්පියන්ගේ මනසේ වැඩකරන්නේ කුමක්ද යන්න අපි තේරුම්ගත යුතුය කියන එකයි. හැමදෙයක් ගැනම වෙනස් විධියකට හිතන්න අපි ඔවුන්ට උදව්කළ යුතුව තියෙනව” ඇය අලුතින් මව්පියන් වූ පුද්ගලයන් ළදරු නින්ද පිළිබඳ නිවැරදි තොරතුරු සැපයීම සඳහා ළදරු නින්දට අදාළ තොරතුරු මූලාශ්‍රයක් එක්කරනු ලැබ ඇත.

කෙමෙන් වැඩෙන ළදරුවන් රාත්‍රිය පුරා නිදාගැනීමට සමත්විය යුතුබව 1950 දශකයේ සිදුකරනු ලැබ ඇති සමීක්‍ෂණයකින් හෙළිවී ඇත. ලන්ඩන් නගරයේ ජීවත්වූ ළදරුවන් 160 දෙනකු යොදාගනිමින් සිදුකර ඇති එම සමීක්ෂණය අනුව මාස තුනක් පිරුණු දරුවන්ගෙන් 70%ක් රැය පුරා නිදන්නට පටන්ගෙන ඇත.

එම සමීක්‍ෂණය සිදුකළ පුද්ගලයන් රාත්‍රිය පුරා නිදාගැනීම අර්ථගන්වා තිබෙන්නේ අඬන්නට පටන්ගැනීම මගින් දෙමව්පියන් ඇහැරවීමක් සිදු නොකිරීම සහ මධ්‍යම රාත්‍රියේ පටන් උදෑසන පහ වනතෙක් බාධා කිරීමක් සිදු නොකිරීමය. එසේ නැතිව, බොහෝ අලුත් දෙමව්පියන් බලාපොරොත්තුවන පැය අටක අඛණ්ඩ නින්ද නොවේ. කිසිදු අවස්ථාවක දී ළදරුවන්ගෙන් 30%ක් එම වයසේ දී දීර්ඝ නින්දක නොසිටියහ. සමීක්ෂණයට භාජනය කෙරුණු ළමුන්ගෙන් අඩක්ම ඔවුන්ගේ පළමු වසර ඇතුළත රාත්‍රියේ අන්තිම භාගයෙහි කීපවරක් පිබිදුණහ.

”අවුරුදු සිය ගණනක් හෝ දහස් ගණනක් ඇතුළත ළමුන්ගේ ජෛවීය හදගැස්මේ මහා විපර්යාසයක් සිද්ධවෙලා නැහැ” බෝල් පෙන්වා දෙයි.

”නමුත් අපගේ සංස්කෘතිය විශාල වශයෙන් වෙනස් වුණා. දශක කීපයක් ඇතුළත ළමුන්ගේ සහ ඔවුන් හදාවඩා ගැනීමේ අපේ බලාපොරොත්තුවල මහා වෙනසක් සිදුවුණා”

A man kisses the forehead of a newborn baby
”ළදරුවෝ මෙලොවට පැමිණි අසරණයෝ වෙති. අප විසින් එම දරුවන් සානුකම්පාවෙන් රැක බලාගත යුතුව ඇත”ඩෙබ්මිතා දත්තා පවසයි.

අද පවා ළදරුවන්ගේ නින්ද සම්බන්ධයෙන් සිදුකෙරෙන සමීක්ෂණවලින් වැඩිකොටසක් සිදුවන්නේ ලෝක ජනගහනයේ උප මාතෘකාවක් වශයෙනි.

”පසුගිය දශක කීපය තුළ සමීක්ෂණ වලින් වැඩිහරියක් බටහිර රටවල දරුවන් සම්බන්ධයෙනුයි සිදුකරනු ලැබ තිබෙන්නේ” බෝල් පෙන්වා දෙයි.

”අපි ළදරුවන් බලාගනු ලබන ආකාරයන් සම්බන්ධයෙන් සංස්කෘතීන් අතර නිසැක වෙනස්කම් ඇති අතරවාරයේ ඔවුන් අතරත් බොහෝ වෙනස්කම් තියෙනව. බටහිර රටවල හැම කෙනෙක්ම ළදරුවන් ඔවුන්ගේම වෙනත් කාමරයක නිදිගැන්වීම නිවරැදිම ක්‍රමයයි කියල හිතන්නේ නැහැ. උදාහරණයක් කිව්වොත්, ඉතාලියේ සිදුකරන ලද එක සමීක්ෂණයකදී දෙමව්පියන් කියල තිබුණා – ඒක ”අකාරුණික ක්‍රියාවක්” කියල”

ළදරුවන් බලාගැනීම කෙරෙහි දෙමව්පියන්ගේ පෞද්ගලික චර්යාවන් සහ හැඩගැසීම් බෙහෙවින් බලපායි. දේවල් ඉටුකිරීමේදී හැම මාපියකුම ඔවුන්ට ආවේණික පිළිවෙතක් සොයාගනියි.

”හැම පවුලක්ම එකිනෙකින් වෙනස්. අතිවිශාල විවිධත්වයක්” කුරෝඩා පවසයි.

මෙහිදී කුරෝඩා අනුගමනය කළ පිළිවෙත කුමක්ද? දිවාකාලයේ දරුවන්ගෙන් ඈත්ව සිටීමට සිදුවෙන හෙයින් ඊට සරිලන විසඳුමක් ලෙස ඇය ඇයගේ දරුවන් හතරදෙනා සමඟ රාත්‍රියේ එක්ව නින්දට ගියාය.

මම දිවාකාලයේ පූර්ණ කාලීන රැකියාවක නිරතවෙනවා. ඉතින් මම රැය පුරා දරුවන්ගෙන් වෙන්ව නිදාගත්තොත් දරුවන්ට වෙන්කෙරෙන කාලය අවම වෙනවා. රාත්‍රියේ පවා අපට දැඩිව සංජානනය වෙන්න පුළුවන්. ඒක සැබෑ සන්නිවේදනයක් සහ එක්ව කල්ගෙවීමක් ”

දෙමාපියන්ගේ සියලු තෝරාගැනීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් කුරෝඩා කියාසිටින්නේ, වෙනත් දෙමව්පියන් කරන දේවල් සම්බන්ධයෙන් සෙවීමට කරදර නොවී තමන්ගේ දරුවන් සම්බන්ධයෙන් ගැලපෙන ක්‍රමයක් සොයාගත යුතුව ඇති බවය.

”මම හිතනවා – දෙමව්පියන්ට සහ බිළිඳාට එකිනෙකාට ආශක්තවෙන්න පුළුවන් කියල”ඇය පවසයි.

”එය ටැංගෝ නැටුමක් වගෙයි”

Text copied by bbc sandesaya

Loading...

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *