පොලිස්පති කළ ‘බිහිසුණු හෙළිදරව්ව‘

Spread the love

ඇතැම් පුද්ගලයින් හදන්නේ පොලිසිය අකර්මන්‍ය කර අපරාධකරුවන්ට සමාජයෙ දොර විවර කර දෙන්න බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කීවේය.

පොලිසියට ගහන ගල් වදින්නේ නීතියේ ආධිපත්‍යයට, බිඳ වැටෙන්නේ සමාජයේ නීතිය. ඒ වගේම පොලීසිය කාගෙවත් පුද්ගලික දෙයක් නෙමෙයි. මේ රටේ මහජනතාවට අයිති ආයතනයක්. වර්ථමානයේ මෙහි භාරකරු වශයෙන් මහජනතාවට උපරිම සේවයක් ඉටු කිරිම සඳහා  දවසේ පැය විසිහතර තුළම පොලිසිය විවෘතව ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

පොලිස්පතිවරයා මෙම අදහස් පළකලේ සුවසාර කැදැල්ල  ප්‍රජා පාදක පුනරුත්ථාපන හා ප්‍රථිකාර මධ්‍යස්ථාන වැඩසටහන, බස්නාහි පළාත් දකුණු දිසාවේ සමාප්ති උත්සවය සඳහා බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී සහභාගී  වෙමිනි

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස්පතිවරයා කියා සිටියේ ඇතැම් මිනිස්සු හදන්නේ පොලිසිය අකර්මන්‍ය කර අපරාධකරුවන්ට සමාජයෙ දොර විවර කර දෙන්න බවයි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ පොලිස්පතිවරයා,  ‘‘රටේ මත්ද්‍රව්‍ය සහ පාතාලය තුරන් කිරීමට රටේ හැම යුක්තිගරුක පුරවැසියන්ගෙම සහාය පොලිසියට අවශ්‍යයි. යුක්තිය මෙහෙයුමේ ප්‍රතිඵලයක් වශයෙන් ගත වූ මාස හයක කාලය තුළ මෙරට අපරාධ සීයට විසිතුනක අඩුවක් පවතිනවා. මේ වර්ෂය අවසන් වන විට දිවයිනේ වාර්තා වී ඇති අපරාධ අවම කර ගැනීමට සඳහා කටයුතු කරන බවත් විශේෂයෙන්ම ළමයින් සම්බන්ධයෙන් කෙරෙන ළමා අපචාර සහ අපයෝජන පිටුදැකීම සඳහා ඉතාම ප්‍රයෝගික වැඩපිළිවෙලක් ඉදිරි මාසයේදී ආරම්භ කරනෙවා., මේ රටේ පොලිසියට මහජනතාවගේ සහයෝගය අවශ්‍යයි. සමාජ  යහපත සඳහා  පොලිසිය විසින් කරනු ලබන මෙවැනි කටයුතු සඳහා මහජනතාවගේ උපරිම සහයෝගය බලාපොරොත්තු වෙනවා“

Midea Unit

Related Posts