තල්රුප්පාවෙන් පොල්රුප්පාවට සහෝදරත්වයේ චාරිකාව යන තේමාව යටතේ වව්නියාවේදි පුනරුත්ථාපනවන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 525 දෙනෙකු ඊයේ (08 සැප්.) දකුණේ සංචාරයක නිරත විය.
පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සහ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය එක්ව එය සංවිධානය කර තිබුණි.
සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව අද අලුයම රජරට රැජිණ දුම්රියෙන් මේ පිරිස වව්නියාවෙන් පිටත්වූ අතර ඔවුන්ව කොළඹ කොටුවේදී ඉතා උණුසුම් ලෙස පළිගනු ලැබීය.
මෙම පිරිස ඉදිරි දින 5 තුළ දකුණේ ස්ථාන ගණනාවක සංචාරය කිරිමට නියමිත බව වාර්තා වේ.
[youtube DKiq_T1tOxs]
Loading...