පුනරුත්ථාපනය ලැබූ පැරණි එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 1800 දෙනෙකු හෙට (30 සැප්.) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන උත්සවයකදී සමාජ ගත කෙරෙනු ඇත.
මෙසේ පුනරුත්ථාපනය ලැබූ පිරිසක් අරලියගහ මන්දිරය වෙත ගෙනවිත් සමාජගත කෙරෙනුයේ පළමු වරටය.
වසර දෙකක පුනරුත්ථාපන කාලයකට යටත්ව වවුනියාව, කන්දකාඩු, වැලිකන්ද ඇතුළු කඳවුරු 7ක මෙම පිරිස පුනරුත්ථාපනය ලැබූ බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ඒ. දිසානායක මහතා පවසයි.
මේ පිරිස සමාජගත වීමත් සමඟම එල්.ටී.ටී.ඊ. සබඳතා පැවැත්වූ පුනරුත්ථාපන ලාභීන් සිටින කඳවුරු සංඛ්‍යාව 4 දක්වා පහත වැටෙන අතර එම කඳවුරු පවත්වාගෙන ගිය ගොඩනැගිලි හිමිකරුවන්ට බාරදීමටත් කටයුතු යොදන බවද සඳහන්.
- Thursday
- April 17th, 2025