මෙතෙක් වේදිකා නාට්‍ය පෙන්වීම සඳහා පමණක් සීමාවූ බොරැල්ලේ නාමෙල් මාලනී පුංචි රඟහල ලබන සැප්තැම්බර් මස 8 වන දින සිට චිත්‍රපට පෙන්වීම සඳහාද වෙන්කර ඇත.
ඒ අනුව දිනකට දර්ශන වාර 4 ක් චිත්‍රපට තිරගත කරන අතර සිංහල, ඉංග්‍රීසි, හින්දි සම්භාව්‍ය චිත්‍රපට මෙන්ම හරවත් වාණිජ චිත්‍රපටද ප්‍රදර්ශනය කෙරේ. චිත්‍රපට අතරතුර නාට්‍ය පෙන්වීමද සිදු කෙරේ.
සැප්තැම්බර් මස 8 වන දින මෙහි ආරම්භක අවස්ථාව සිදුකෙරෙන අතර එදින “නිධානය’ හෝ “ගම්පෙරළිය” චිත්‍රපටය තිරගත වීමට නියමිතය.
Loading...