පී‍්‍රතියේ සංහිඳියාව පතුරුවන දීපාවලී උළෙල ජනපතිගෙන් සුභ පැතුම්

Spread the love

සාර ධර්මයන් සුරකින ජනතාව අතර පී‍්‍රතියේ සංහිඳියාව පතුරුවන දීපාවලී උළෙල සාමයේ සුවය හා ශක්තිය මධ්‍යයේ සතුට බෙදා ගැනීමේ ගුණය ද පතුරුවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

දීපාවලී උළෙල වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපතිවරයා වැඩි දුරටත් මෙසේද කියා සිටී.

මිනිස් වර්ගයාගේ සදාකාලික අභිලාෂයන් නම් දුෂ්ඨ බව පරයා යහගුණයේ ජයග්‍රහණයේද අඳුර පලවාහැර ආලෝකය පතුරවාලීම ද මෝහය පරයා දැනුමේ ජයග්‍රහණය ද සහතික කිරීමයි.

ආලෝකයේ උළෙල ලෙස සඳහන් වන දීපාවලී උත්සවය හින්දු බැතිමතුන්ගේ අධ්‍යාත්මික ශක්තිය ප්‍රකාශ කිරීම තුළින් සහ ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ අධ්‍යාත්මික සාරධර්මයන් මත වඩා හොඳ දිවියක් සඳහා කෙරෙන නිරන්තර අරගලයේ ප්‍රගතිය සනිටුහන් කරන අගනා උළෙලක් ද වේ. ලෝකය පුරා සිටින සිය සහෝදර බැතිමතුන් සමඟ ශ්‍රී ලංකාවේ හින්දු බැතිමතුන් ද එක් වෙමින් දීපවාලී උළෙල සමරනු ලබයි.

වර්තමානයෙහි ශ්‍රී ලංකාවේ දීපවාලී හා එහි ආලෝකය ජන කොටස් අතර වඩා පුළුල් අවබෝධයක් වගා කිරීමේ අවස්ථාව සහ ජනවර්ග අතර සහජීවනය වර්ධනය මෙන්ම බොහෝ කලක් තුළ ජනවර්ගයන් දුරස්ථ කළ විෂමතා දුරලීම සඳහා ද ආලෝකයක් පතුරවයි. දීපවාලී උළෙලින් පැතිරෙන ආලෝකයෙන් ද එහි රැඳි සාමයේ පණිවුඩය වෙතින් ද සහජීවනය ශක්තිමත් කරන පී‍්‍රතියක් ළඟා කර ගැනීමට ජනතාවට හැකි වේවායි පතමි.

සියලු හින්දු භක්තිකයින්ට සතුට හා සාමයෙන් පිරි දීපවාලී උළෙලක් පතමි.

RSL

Related Posts