පියයුරු පිළිකාවලට සදහටම සමුදෙන්න කැමතිද ?

Spread the love

පියයුරු පිළිකාව කාන්තාවන් අතර බහුල ම පිළිකාවක් වගේම කාන්තාවන් අඩුවෙන්ම අවධානය යොමු කරන රෝගයක්. ඊට ඔවුන් සතු අඩු දැනුම, සමාජ – සංස්කෘති කරුණු වගේම ආර්ථික කරුණුත් තිබිය හැකියි. ඒත් මේ මොන කරුණු ඉදිරිපත් කරමින් පියයුරු පිළිකාව ගැන අවධානය අඩු කිරීම මාරාන්තික කරුණක්. නැතිනම් මාරයාට අත වැනීමයි !

පියයුරු පිළිකා සදහා හේතු විය හැකි කරුණු රැසක් මේ වන විට හදුනා ගෙන තිබෙනවා. ඒ අතර ජානමය බලපෑම, වයස, ආතතිය වැනි බොහෝ සාධක සංකීර්ණ රෝගයක් වන පියයුරු පිළිකාවට හේතු වෙනවා.

පියයුරු පිළිකා වළක්වා ගැනීම සඳහා ප්‍රවීණයන් ආහාර වර්ගීකරණයක් කරන්නේ නැහැ. නමුත් ජීවන රටාවේ වෙනස්කම් පියයුරු පිළිකාවට පමණක් නොව මෙම සියළුම ආකාරයේ මාරාන්තික රෝගවලට එරෙහිව සටන් කිරීමට උපකාරී වෙනවා.

පිළිකා වලින් 40% ක් සඳහා පරිභෝජනය කරන ආහාර වේල වගකිව යුතු යැයි සමහර අධ්‍යයනයන් පෙන්වා දී තිබෙනවා. වර්ණවත් ආහාර ගැනීම අපේ සෞඛ්‍යයට සහ පිළිකා වලට එරෙහිව සටන් කිරීමට උපකාරී වෙනවා. ඒ හා සමාන ආහාර වේලක් ඔබට පිළිකාවට එරෙහිව සටන් කිරීමට සහ රෝග විනිශ්චය කිරීමෙන් පසු ජීවත් වීමට උපකාරී වෙනවා.

පහත සඳහන් ආහාර මඟින් ශරීරයට පෝෂ්‍ය පදාර්ථ එකතු කරන අතර එමඟින් පියයුරු වල යහපත් සෞඛ්‍යය ප්‍රවර්‍ධනය කළ හැකියි.

ආහාර

බ්‍රොකොලි – පර්යේෂණ මඟින් පෙන්නුම් කර ඇත්තේ ගෙඩි වර්ධන අවහිර කිරීමට සහ පිළිකාව තවදුරටත් බෝවීම වැළැක්වීමට බ්‍රොෙකාලිවලට හැකියාව ඇති බවයි. වට්ටක්කා සහ ගෝවා බ්‍රොකොලිවලට සමාන ගුණාංග ඇති වෙනත් එළවළු ය.

කහ
 – කහවල අඩංගු කර්කුමින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරී වේ. පියයුරු පිළිකා ගැටිති වලට එරෙහිව සටන් කිරීමේදී කර්කුමින් අතිරේක කාර්යභාරයක් ද ඉටු කරයි.

කහ වල ඇති ප්‍රති-ගිනි අවුලුවන ගුණාංග සමස්ත සෞඛ්‍යයට උපකාරී වේ. සුප්, පරිප්පු සහ කොළ වලට කහ මද ස්වල්පයක් ඇතුළත් කර දිනපතා ආහාර පිසීමේ අංගයක් බවට පත් කර ගන්න.

සුදුළූණු සහ ළූණු
 – සුදුළූණු සහ ළූණු වල අඩංගු ඇලිල් සල්ෆයිඩ් සෞඛ්‍ය සම්පන්න සෛල වල ක්‍රියාකාරිත්වයට සහ විශේෂයෙන් පියයුරු පිළිකා වැළැක්වීමට උපකාරී වේ. රුධිර නාලිකා සිහින් වී සිටින පුද්ගලයින්ට ළූණු සහ සුදුළූණු අතිරේකයක් ගැනීම ආරම්භ කිරීමට පෙර තම වෛද්‍යවරයා සමඟ කතා කරන ලෙස උපදෙස් දෙනු ලැබේ.

ආහාර

බෙරි – ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරීස්, මල්බෙරි, රාස්ප්බෙරි වැනි වර්‍ග පිළිකා වැළැක්වීමේ ආහාර වේලට පෝෂ්‍ය පදාර්ථ එක් කරයි. බෙරි ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රති-ගිනි අවුලුවන ගුණ වලින් පොහොසත් ය. බෙරි සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් විය හැකි අතර එමඟින් පිළිකා වර්ධනය හා පියයුරු පිළිකා සෛල අඩු කළ හැකිය.

දෙළුම් – 2015 ජුනි මාසයේදී journal Oxidative Medicine සහ Cellular Longevity  සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ දෙළුම්වල පිළිකාවට එරෙහිව සටන් කිරීමට (විශේෂයෙන් ඊස්ට්‍රජන් මත යැපෙන පිළිකා) උපකාරී වන සංයෝගයක් ඇති බවයි.

විශේෂඥයින්ගෙන් උපදෙස්

1. නිතර කුඩා ආහාර වේලක් ගන්න.
2. විටමින් සී බහුල ආහාර වන නෙල්ලි, දෙහි වැනි පැඟිරි පලතුරු අනුභව කරන්න. 3. විටමින් A ලබා ගැනීම සදහා රතු, කහ සහ තැඹිලි පැහැයෙන් යුත් පලතුරු සහ එළවළු අනුභව කරන්න.
4. විටමින් E ලබා ගැනීම වෙනුවෙන් හොඳ තත්ත්වයේ මේද සහිත ආහාර ගන්න. (බිත්තර, මාළු, ඇට වර්ග)
5. සකස් කරන ලද ආහාර ගැනීමෙන් වළකින්න, (බේකරි නිෂ්පාදන, සෝස්, ඇසුරුම් කළ ආහාර සහ සීනි අධික ආහාර) 6. පැය 8ක හොඳ නින්දක් ලබා ගන්න. විශේෂයෙන් දීර්ඝ නින්දක් සහතික කරන්න.
7. මුළුතැන්ගෙයෙහි ඇති ස්වාභාවික පැළෑටි සහ කුළුබඩු‍ එනම්, කුරුඳු, එනසාල්, වියළි ඉඟුරු කුඩු, සාදික්කා, ගම්මිරිස් කුඩු, කේසර් වැනි ප්‍රබල ප්‍රතිඔක්සිකාරක වේ. ඒවා නිතර නිතර ප්‍රමාණවත් පරිදි ආහාරයට එක්කර ගන්න.
8. විශේෂයෙන් පිළිකා මර්දන ප්‍රතිකාරයෙන් පසු යළි ප්‍රකෘතිමත් වීම සහතික කිරීම සඳහා ප්‍රෝටීන් අධික ආහාර ගැනීම වැදගත් වේ. බිත්තර, මස්, කිරි සහ කිරි නිෂ්පාදන, ඇට වර්ග හා මේදය මේ අතර ප්‍රමුඛ වේ.
9. Multivitamin (B-, සංකීර්ණ, සින්ක්) සහ විටමින් ඩී ස්වරූපයෙන් පෝෂණ අතිරේක සිරුරේ ප්‍රතිශක්තිය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය වේ.
10. ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි පෝෂ්‍ය පදාර්ථ බහුල සහ සමබල ආහාර වේලක් සහතික කර ගන්න.

ෆෙමිනා ඇසුරිනි – සැකසුම – තුෂාධවි

Related Posts