පාර්ලිමේන්තුවට ඇතුළු වන මාර්ග වසා දමයි

Spread the love

හෙට දින එනම් 19 වන අගහරුවාදා දින පෙරවරු 10.00ට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර මේ හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණය අවට ආරක්ෂාව තර කර ඇති අතර ඒ වෙත පිවිසෙන සියලුම පිවිසුම් මාර්ග මාර්ග බාධක යොදා වසා දමා ඇති බවට අද දින ප්‍රසිද්ධ මාධ්‍ය වාර්තා වල සදහන් විය.

රට තුළ පවතින දේශපාලන අර්බුදය හේතුවෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත් කිරීම සඳහා නාමයෝජනා කැඳවීම හෙට සිදුකිරීමට නියමිත බවට වාර්තා වේ. ඊට අදාළ ඡන්ද විමසීම අනිද්දා (20) පාර්ලිමේන්තුවේදී රහස් ඡන්දයක් ලෙස පැවැත්වීමට නියමිතය. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කිරීම සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මැතිවරණයට ඉදිරිපත් වන බව දැනටමත් ප්‍රකාශ කර තිබේන බවට ආරංචි මාර්ගවල සදහන් වේ. ඒ අනුව හෙට දිනයේ ඔවුන්ගේ නාමයෝජනා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීමට නියමිත අතර ඉන් අනතුරුව ඔහු එය පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කිරීමට නියමිතයි.

ඡන්ද විමසීම පැවැත්වෙන දිනයේ ඡන්දය ප්‍රකාශ කරන මන්ත්‍රීවරුන්ගේ ඡන්දවලින් සියයට 50කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා අපේක්ෂකයා නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වේ. පාර්ලිමේන්තුවේ සෑම දේශපාලන පක්‍ෂයක්ම තමන් සහය දෙන අපේක්ෂකයා මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති අතර ශ්‍රීලනිපය ඡන්දය දීමෙන් වැළකී සිටින බව පවසා ඇත. පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මන්ත්‍රීවරුන්ගේ ඡන්දය නව ජනාධිපතිවරයා තෝරා ගැනීමට ප්‍රබල සාධකයක් බව පැවසේ. වත්මන් පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තු ආසන 145ක් ඇති අතර සමගි ජන බලවේගයට (SJB) පාර්ලිමේන්තු ආසන 54ක් පමණක් ඇත.

RSL

Related Posts